Home » 2024 ජාත්‍යන්තර තේ සම්මේලනය ජූලි 24-26 කොළඹදී

2024 ජාත්‍යන්තර තේ සම්මේලනය ජූලි 24-26 කොළඹදී

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

ගෝලීය තේ කර්මාන්තයේ සුවිසල් නායකයින් සහ නවෝත්පාදකයින් එක්රැස් කරමින් කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනය 2024 ජූලි මස 24-26 දක්වා පැවැත් වීමට නියමිත ය. කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය (CTTA) සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය එක්ව සංවිධානය කරයි.

1992 වසරේදී පළමු වරට පැවැත්වූ මෙම සම්මේලනය මෙවර පවත්වනුයේ ‘ තේ: ජීවන රටාවක් සහ ජීවනෝපායක් යන කාලීන තේමාව යටතේය.

කෙන්යාව, ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව, ජපානය, එක්සත් රාජධානිය, ගල්ෆ් කලාපිය රටවල් හා අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසකින් තේ භෝගයේ සිට තේ කොප්පය දක්වා වන සමස්ත ගෝලීය තේ වටිනාකම් දාමයේ කර්මාන්ත ප්‍රවීණයන් විශේෂඥයින්, ප්‍රමුඛ සන්නාම සහ සමාජ සංවිධාන මේ සඳහා සහභාගී වීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය එහි සියලු මානයන් හරහා ප්‍රවර්ධනය කිරීමටත්, සිලෝන් ටී තවදුරටත් ශක්තිමත් කරන්නා වූ සංසදයක් බවට පත්වීමටත් මෙම වැඩසටහනට හැකියාවක් ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පැවසිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division