Home » මිනිසුන් වේගයෙන් වයසට යාමට හේතුව ඩයිනෝසෝරයන් බැව් හෙළි වේ

මිනිසුන් වේගයෙන් වයසට යාමට හේතුව ඩයිනෝසෝරයන් බැව් හෙළි වේ

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ඩයිනෝසෝරයන්ගේ වසර මිලියන ගණනක් පුරාවට මිහිතලය මත ගෙන ගිය ආධිපත්‍යය මිනිසාගේ වයසට යාම සහ ආයු කාලය කෙරෙහි බලපා ඇති බව නව න්‍යායක් මඟින් යෝජනා කරයි. ඇතැම් උරගයන් සහ උභයජීවීන් මිය යාමට පෙර වයසට යාමේ සැලකිය යුතු සලකුණු නොපෙන්වන අතර, මිනිසුන් ඇතුළු අනෙකුත් සියලුම ක්ෂීරපායින් – වයසට යත්ම ඔවුන්ගේ පෙනුමේ කැපී පෙනෙන වර්ධනයන් පෙන්නුම් කරයි.

“දිගු ආයුෂ බාධක උපකල්පනය” ලෙස නම් කරන ලද නව න්‍යාය මඟින් යෝජනා කරන්නේ ඩයිනෝසෝරයන්ගේ යුගයේදී ක්ෂීරපායීන් වේගවත්ව ප්‍රජනනය කිරීමේ අඛණ්ඩ පීඩනයකට මුහුණ දුන් බවයි. බයෝඑසේස් (BioEssays) සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයට අනුව, වසර මිලියන 100 කට වැඩි කාලයක් පුරා සිදු වු මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස, පටක පුනර්ජනනය සහ ඩීඑන් අලුත්වැඩියා කිරීමේදී දිගු ආයු කාලයක් ඉටු කරන භූමිකාවන්ට සම්බන්ධ ජාන අක්‍රිය වීමට හෝ මුළුමණින්ම අභාවයට යාමට හේතු විය හැකි බවයි.

බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කතුවරයා වන ජොවාඕ පෙඩ්‍රෝ ඩි මගල්හේස් පැවසුවේ, “මිනිසුන් දිගු කලක් ජීවත් වන සතුන් අතර සිටින නමුත්, බොහෝ උරගයන් සහ අනෙකුත් සතුන් බොහෝ සෙමින් වයස්ගත වීමේ ක්‍රියාවලියකට හිමිකම් කියන අතර ඔවුන්ගේ ජීවිත කෙරෙහි අවම වයස්ගත වීමේ සලකුණු පෙන්වයි”, යනුවෙනි.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division