Home » යුරේසියාවේ භූ දේශපාන තරගකාරීත්වය සහ බංග්ලාදේශ මහ මැතිවරණය

යුරේසියාවේ භූ දේශපාන තරගකාරීත්වය සහ බංග්ලාදේශ මහ මැතිවරණය

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

2024 වසර ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු තෝරා ගැනීම සඳහා ප්‍රධාන මැතිවරණ ගණනාවක් පැවැත්වෙන “මැතිවරණ වසරක්” ලෙස හඳුන්වා දිය හැක. ඒ අනුව, ජනවාරි 7 වැනි දින බංග්ලාදේශ මැතිවරණයත් සමඟ මෙවර මැතිවරණ සමය ආරම්භ වේ. සමස්තයක් ලෙස ගත් කල, අවාමි ලීගය (AL) සහ විපක්ෂ ජාතික පක්ෂ සන්ධානය ඇතුළුව දේශපාලන පක්ෂ 29 ක්, තරග බිමට පිවිස සිටී. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ ජමාත්-ඊ-ඉස්ලාමි (Jamaat) යන ප්‍රධාන පක්ෂ දෙක එක්ව නායකත්වය දෙන විපක්ෂයේ ප්‍රබල සන්ධානය පරදවා අවාමි ලීගයට සිවුවන වරටත් යළි බලයට පැමිණීමට හැකි වුවහොත් එය සැබෑ ජයග්‍රහණයකි.

බංග්ලාදේශයේ මහ මැතිවරණය යනු සෑමවිටම ජාත්‍යන්තර අවධානයට ලක්වන දේශපාලන කාරණාවකි. නමුත් මෙවර මැතිවරණයේදී, ආර්ථික අර්බුදය, උද්ධමනය ඉහළ යාම, විරැකියාව වැනි දේශීය කරුණු කාරණා අබිබවමින් කලාපීය සහ ගෝලිය භූ දේශපාලනික උවමනා එපාකම් පෙරට පැමිණ ඇති බවක් පෙනෙන්නට තිබේ. විපක්ෂය පොදු සන්ධානයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්ව සිටින වාතාවරණයක් යටතේ, එක්සත් ජනපදය සහ ඉන්දියාව වැනි රටවල් සහ යුරෝපා සංගමය වැනි කණ්ඩායම්, මැතිවරණ නිදහස් හා සාධාරණ බව සහතික කිරීම සඳහා අවාමි ලීගයට බලපෑම් කරමින් සිටී.

චීනය සහ රුසියාව වැනි යුරේසියානු කලාපයේ බලවත් රාජ්‍ය මෙය සමතුලිත කරමින් බංග්ලාදේශයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙස සෙසු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. ලෝක බලවතුන්ගේ මෙම ධ්‍රැවීකරණය දකුණු ආසියාවේ වත්මන් භූ දේශපාලනයේ යථාර්ථය හෙළිදරව් කරයි. මක්නිසාද යත් බංග්ලාදේශය පාලනය කරන්නේ කවුරුන් විසින් ද යන්න එරට ජනතාවට මෙන්ම මෙම භූ දේශපාලන ක්‍රියාකාරීන්ට ද ඒ හා සමානව මෙන් වැදගත් වන බැවිනි. පවත්නා තත්ත්වයම ඉදිරියට ගෙන ගියහොත් එහි වාසිය කාට ද යන්නත්, යම් හෙයකින් අවාමි ලීගය බලයෙන් පහ කළහොත් එම විභවතාවේ වාසි ලබන්නේ කවුරුන් ද යන්නත් මෙහිලා වැදගත් ය.

බංග්ලගාදේශ මැතිවරණයේ ප්‍රතිඵලය, බෙයිජිං පාලනයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ පිටුබලය ලත් ඉන්දු-පැසිෆික් වැඩපිළිවෙලට වඩා, චීනයේ නායකත්වයෙන් යුත් තීරයක් මාවතක් වැඩපිළිවෙළ තුළට බංග්ලාදේශය වඩාත් සමීපවීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. අවාමි ලීග රජයට එරෙහි වීදි ප්‍රචණ්ඩත්වය සහ පෙළපාලි වැඩිවීමත් සමඟ, මෙය තවත් පහසු කරනු ඇත. විශේෂයෙන්ම, චීනය “සංවර්ධන හවුල්කරුවෙකුගේ” සිට “උපායමාර්ගික හවුල්කරුවෙකු” දක්වා සංක්‍රමණය වන විට දකුණු ආසියාවේ සහ ඉන්දියානු සාගර කවයේ බොහෝ රටවලට මෙන්, බංග්ලාදේශයට ද මෙම සංක්‍රාන්තිය කළමනාකරණය කිරීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවනු ඇත. ඒ අනුව, ජනවාරි 7 මැතිවරණයෙන් අනතුරුව සිදුවන්නේ කුමක් ද යන්න ඡන්දය තරමට ම බංග්ලාදේශයට, කලාපයට සහ ලොව මහ බලවතුන්ට වැදගත් වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division