Home » වොෂිංටනයේ හිතවතුන් රතු මුහුදේ මෙහෙයුම්වලින් කර හරී

වොෂිංටනයේ හිතවතුන් රතු මුහුදේ මෙහෙයුම්වලින් කර හරී

by sachintha
December 30, 2023 12:24 am 0 comment

මේ අතර, වොෂින්ටනයට හිතවත් රටවල් අමෙරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් රතු මුහුදේ නාවික හමුදා මෙහෙයුමට බැඳීමට අකමැති බවක් පෙනෙන්නට තිබේ. ඔපරේෂන් ප්‍රොස්පරිටි ගාඩියන් නමැති මෙහෙයුමට දායක වූවන් ලෙස ලැයිස්තුගත කර ඇති එක්සත් ජනපදයේ යුරෝපීය හිතවතුන් කිහිප දෙනෙක් සමුද්‍ර හමුදාවෙන් ඈත් වන බව පෙනෙන ප්‍රකාශ නිකුත් කර ඇත.

නව නාවික සන්ධානයක් ගොඩනඟමින් රතු මුහුදේ නැව් ගමනාගමනයට එල්ල කෙරෙන යේමනයේ හූති ප්‍රහාරවලට ස්ථිර ජාත්‍යන්තර ප්‍රතිචාරයක් දැක්වීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් අපේක්ෂා කළ නමුත් එය දියත් කිරීමෙන් සතියකට පසු බොහෝ මිත්‍ර පාක්ෂිකයන් එයට ප්‍රසිද්ධියේ හෝ කිසිසේත් සම්බන්ධ නොවීමට ක්‍රියා කරන බවක් පෙනේ. මෙහෙයුමට දායක වූවන් ලෙස ලැයිස්තුගත කර ඇති අමෙරිකාවේ යුරෝපීය හිතවතුන් දෙදෙනෙක් – එනම් ඉතාලිය සහ ස්පාඤ්ඤය – සමුද්‍ර හමුදාවෙන් ඈත් වන බවට ඉඟි කෙරෙන ප්‍රකාශ නිකුත් කළහ. පෙන්ටගනය පවසන්නේ යේමනයට ඔබ්බෙන් වූ රතු මුහුදේ අත්‍යවශ්‍ය නාවික මර්මස්ථානය ඔස්සේ ඩොලර් බිලියන ගණනක් වටිනා ගෝලීය වෙළෙඳාමට නිදහසේ ගලා යාම සහතික කිරීම සඳහා ජාතීන් 20කට වැඩි සංඛ්‍යාවක සහභාගිත්වයෙන් යුත් පුළුල් ආරක්ෂක සන්ධානයක් ගොඩනැඟූ බවයි. එහෙත් එම රටවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා ඊට තම දායකත්වය ලබා දෙන බැව් පිළිගෙන නොමැත. මෙම නොකැමැත්ත, ගාසා තීරයේ ගැටුම විසින් නිර්මාණය කරන ලද දෙදරා යෑම් අර්ධ වශයෙන් පිළිබිඹු කරයි.

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 21,000 කට වැඩි පිරිසක් මියයාමට එරෙහිව ලොව පුරා දැවැන්ත විරෝධයක් ගොඩනැඟෙමින් පවතී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division