Home » ගිනි කන්ද පුපුරා යෑමෙන් අයිස්ලන්තයේ අගනුවරට විස කළ අළු දුමාරයෙන් තර්ජන

ගිනි කන්ද පුපුරා යෑමෙන් අයිස්ලන්තයේ අගනුවරට විස කළ අළු දුමාරයෙන් තර්ජන

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

අයිස්ලන්තයේ විදාරණය වූ ගිනි කන්දේ සුන්දරත්වය සහ විනාශකාරී ස්වභාවය යන දෙකම පෙන්වන විස්මිත ඩ්‍රෝන දර්ශන දිනපතාම පාහේ මාධ්‍යයට ලැබෙමින් පවතී. සෑම තත්පරයකම ලාවා ඝන මීටර් 100 ත් 200 ත් අතර ප්‍රමාණයක් විහිදු වන රේක්යානස් අර්ධද්වීපයේ සැතපුම් දෙකක් දිගැති අගලක් විවෘත ව පවතී.

ගිනි කන්ද පුපුරා ගිය ස්ථානයට ආසන්න නගරයක පදිංචිකරුවන්ට තම නිවෙසේ නත්තල් කාලය ගත කිරීමේ බලාපොරොත්තු සුන් වී ඇත. මේ අතර, සඳුදා රාත්‍රියේ පැවති මනස්කාන්ත දර්ශනවලින් පසු රේකාවික් අගනුවර වායු දූෂණය වීමේ අවදානමක් උද්ගතව පවතී.

විශේෂඥයන් පවසන්නේ ලාවා ගලායාම සති අන්තයේ හෝ ලබන සතියේ නතර විය හැකි අතර විදාරණය සති කිහිපයක් හෝ මාස ගණනක් මන්ඳගාමී වේගයකින් සිදු විය හැකි බවයි.

අයිස්ලන්තයේ රේක්යානස් අර්ධද්වීපයේ ප්‍රබල භූකම්පන ගණනාවකින් පසු මධ්‍යම රාත්‍රියේ අසල පිහිටි ධීවර නගරයක් වන ග්‍රින්ඩාවික් වෙතින් පුද්ගලයන් 4,000ක් ඉවත් කර ගැනීමෙන් සති පහක් ගතවී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division