Home » ගෝලීය ප්‍රේෂණ ලැයිස්තුවේ මුල් තැන ඉන්දියාවට

ගෝලීය ප්‍රේෂණ ලැයිස්තුවේ මුල් තැන ඉන්දියාවට

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

ලොව පුරා බිලියනයක ජනතාවක් – එනම් ලෝක ජනගහණයෙන් අටෙන් එකක් පමණ – ප්‍රේෂණ මත රඳා පවතී. සෑම වසරකම, මිලියන 200ක විදේශගත සංක්‍රමණිකයන් පිරිසක් තම මවු රටවලට මුදල් යවන අතර මිලියන 800ක ජනතාවක් ඔවුන්ගෙන් ප්‍රතිලාභ ලබති. කොවිඩ් -19 වසංගතය සහ දේශපාලන අස්ථාවරත්වයන් මධ්‍යයේ වුව ද, ප්‍රේෂණ ගලායාම අඛණ්ඩව වර්ධනය වී ඇතැයි ලෝක බැංකුව කියයි.

2023 වසරේ දී, ඉන්දියාවට ලැබෙන ප්‍රේෂණ 11%කින් වර්ධනය වී එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 125ට ළඟා වී තිබේ. ලෝක බැංකුව මේ සතියේ නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, ගෝලීය ප්‍රේෂණ ලැයිස්තුවේ මෙක්සිකෝව (ඩොලර් බිලියන 67) සහ චීනය (ඩොලර් බිලියන 50) අබිබවමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව සිටී. අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව සහ ගල්ෆ් රටවල වෙසෙන ශක්තිමත් පුහුණු සහ නුපුහුණු ශ්‍රම බළකාය හේතුවෙන් 2024 වසරේ දී ඉන්දියාවේ ප්‍රේෂණවල වටිනාකම 8%කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 135 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, 2023-24 පළමු මූල්‍ය කාර්තුවේ 7.8%ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරමින්, ඉන්දියාව ජී-20 කණ්ඩායමේ වඩාත් ශීඝ්‍රයෙන් වර්ධනය වන රට බවට ද පත්ව සිටී. ඒ අනුව, වසර 2026-2027 වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5ක ආර්ථික ඉලක්කයක් කරා ඉන්දියාව ගමන් කරමින් සිටී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division