Home » යුරෝපයේ වර්ධනය වන රැඩිකල් දක්ෂිණාංශික ජනප්‍රියවාදී දේශපාලන රැල්ල

යුරෝපයේ වර්ධනය වන රැඩිකල් දක්ෂිණාංශික ජනප්‍රියවාදී දේශපාලන රැල්ල

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

ඔහු ලන්දේසි ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස හඳුන්වනු ලබයි. ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඔහුට එරෙහිව අසංඛ්‍යාත වාරයක් මරණ තර්ජන එල්ල කර ඇත. මොරොක්කෝ ජාතිකයන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ඔහුට බ්‍රිතාන්‍යය වරක් රටට ඇතුළු වීම තහනම් කළේය. දැන් ගියර්ට් විල්ඩර්ස් නෙදර්ලන්ත මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබා සිටින අතර රටේ මීළඟ පාලක සභාගය පිහිටුවීමට සහ ඇතැම් විට නෙදර්ලන්තයේ මීළඟ අගමැතිවරයා බවට පත්වීමේ ඉරණම අබියසට පැමිණ සිටී.

මෙවර මැතිවරණයේදී පළවූ ජනමතය පිළිබදව 60 හැවිරිදි දේශපාලන ප්‍රවීණයකු වූ විල්ඩර්ස් පවා පුදුමයට පත්ව සිටී. කට නරක වුව ද, විල්ඩර්ස් දිගු කලක් මුළුල්ලේ නෙදර්ලන්තයේ දේශීය හා විදේශීය හොඳම නීති සම්පාදකයන්ගෙන් කෙනකු ලෙස නමක් දිනා සිටී. ඔහුගේ ජනප්‍රියවාදී ප්‍රතිපත්ති සහ දුඹුරුවන් හිසකෙස් විල්ඩර්ස් ට්‍රම්ප් සමඟ සැසඳීමට හේතු වී තිබේ. එහෙත්, ට්‍රම්ප් මෙන් නොව, ඔහු නෙදර්ලන්ත දේශපාලනය තුළ සදාකාලිකවම විපක්ෂයේ පමණක් ගත කිරීමට දෛවෝපගත වූවෙකි. විල්ඩර්ස් පාලන බලයට ළං වූ එකම අවස්ථාව වූයේ 2010 වසරේදී අගමැති මාර්ක් රූට් විසින් පිහිටුවන ලද පළමු සභාගයට සහය දුන් අවස්ථාවයි. එහෙත් විල්ඩර්ස් නිල වශයෙන් සුළුතර පරිපාලනයට සම්බන්ධ නොවූ අතර සුබසාධන කප්පාදුව පිළිබඳ ආරවුලකින් අනතුරුව යාන්තම් මාස 18 කට පසුව සන්ධානයෙන් නෙරපා හරිනු ලැබීය. එතැන් පටන් ප්‍රධාන ධාරාවේ පක්ෂ ඔහුව මඟ හරිමින් සිටී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division