Home » රුසියාව ලැන්සෙට් ඩ්‍රෝන යානා අපනයනය අත්හිටුවයි

රුසියාව ලැන්සෙට් ඩ්‍රෝන යානා අපනයනය අත්හිටුවයි

by Mahesh Lakehouse
November 18, 2023 12:28 am 0 comment

මිනිසුන් රහිත ගුවන් රථ නැතහොත් ඩ්‍රෝන යානා ලෙස පොදුවේ හඳුන්වනු ලබන, මිනිසුන් රහිත ගුවන් යානා, නූතන සංග්‍රාම ව්‍යාපාරවල සෑම තැන්හිදීම යොදා ගන්නා අංගයක් බවට පත්ව ඇත. දියුණු ගුවන් හමුදාවක් සහ නවීන මිනිසුන් සහිත ගුවන් යානා ඇති රාජ්‍ය සඳහා ද, ඩ්‍රෝන යානා වඩාත් තීරණාත්මක අතිරේක කාර්යභාරයක් ඉටු කරයි.

රුසියාවේ ආයුධ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන කැලැෂ්නිකෝෆ් කන්සර්න් සමාගමට අනුබද්ධ සාලා එයරෝ ගෘෘප් සමාගම විසින් නිපදවනු ලබන ලැන්සට් ඩ්‍රෝන ස්වයං විනාශකාරී ඩ්‍රෝන විශේෂයක් ලෙස වර්ගීකරණය කොට ඇත. ඊට කිලෝ මීටර 40 (සැතපුම් 25) ඉක්මවා යන පරාසයක් ඇති අතර, සංග්‍රාම මෙහෙයුම්වලදී ඒවා බෙහෙවින් ඵලදායී ලෙස යොදා ගත හැක. යුක්රේනයට බටහිරින් සපයන ලද ලෙපර්ඩ් 2 යුද ටැංකි සහ හොවිට්සර් රොකට් විදින යන්ත්‍ර ඇතුළු යුද උපකරණවලට සැලකිය යුතු හානියක් සිදු කිරීමේ හැකියාවත් සමඟින් ලැන්සට් ඩ්‍රෝන යානා යුද පිටියන නව මානයක් එක් කොට ඇත.

ලැන්සට් ඩ්‍රෝන යානා අපනයනයට වඩා දේශීය අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට රුසියාව ගත් මේ තීරණය නවීන යුද උපාය මාර්ගවලදී මිනිසුන් රහිත ගුවන් රථ සඳහා වර්ධනය වන වැදගත්කම පිළිබිඹු කරයි. ගැටුම අඛණ්ඩව පවත්නා විට, මෙම ඩ්‍රෝන යානාවල කාර්යභාරය සහ සඵලතාවය සමීපව විශ්ලේෂණය කෙරෙනු ඇති අතර, ඒ හා බැඳි යුද තාක්ෂණයේ සහ උපාය මාර්ගවල අනාගත වර්ධන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division