Home » ඊශ්‍රායලය ආරක්ෂක මණ්ඩලයේ ගාසා තීර යෝජනාව ප්‍රතික්ෂේප කරයි

ඊශ්‍රායලය ආරක්ෂක මණ්ඩලයේ ගාසා තීර යෝජනාව ප්‍රතික්ෂේප කරයි

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ රුසියාව ඡන්දය දීමෙන් වැළකී සිටීමත් සමඟ, ගාසා තීරයට දීර්ඝ මානුෂීය විරාමයක් ඉල්ලා සිටින යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේ සම්මත කෙරේ. එහෙත් සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම පිළිබඳව ආරක්ෂක මණ්ඩලය තුළ එකඟතාවක් නොමැත.

මෝල්ටාව විසින් කෙටුම්පත් කරන ලද යෝජනාවලියට පක්ෂව ඡන්ද 12ක් හිමිවූ අතර නිශේධ බලයට හිමිකම් කියන ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් තුනක් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. ඒ අනුව 2016 වසරෙන් පසු මුල් වරට ඊශ්‍රායල-පලස්තීන ගැටුමට අදාළ යෝජනාවලියක් ආරක්ෂක මණ්ඩලය තුළ දී සම්මත කර ගැනීමට හැකි විය.

මානුෂවාදී සහනයක් පිළිබඳ අදහසට තමන් සහාය පළ කරන නමුත්, හමාස් සංවිධානය සෘජුව විවේචනය නොකෙරන නිසා යෝජනාවලියට පූර්ණ සහාය ලබාදිය නොහැකි බව අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය කියයි. ගාසා තීරය සඳහා ප්‍රමුඛතම අවශ්‍යතාව වන කඩිනම් සටන් විරාමයක් පිළිබඳ සඳහනක් නොමැති හෙයින් තමන් යෝජනාවලියට ඡන්දය දීමෙන් වැළකී සිටි බව රුසියාව පවසයි. ආරක්ෂක මණ්ඩල යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පවසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division