Home » ඉතියෝපියාවේ නව කැරැල්ලේදී සිවිල් වැසියන් රැසක් මරුට

ඉතියෝපියාවේ නව කැරැල්ලේදී සිවිල් වැසියන් රැසක් මරුට

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

ඉතියෝපියානු රජය විසින් පත් කරන ලද මානව හිමිකම් කොමිසමට අනුව, ඉතියෝපියාවේ අම්හාරා ප්‍රදේශයේ ෆෙඩරල් හමුදා විසින් පසුගිය මාසයේ සිවිල් වැසියන් දුසිම් ගනනක් නීති විරෝධී ලෙස ඝාතනය කර ඇත. ගෙයින් ගෙට ගොස් සෝදිසි කිරීමේදී සහ වීදි අත්අඩංගුවට ගැනීම්වලදී රාජ්‍ය විරෝධී ෆැනෝ අතුරු හමුදාවන්ට සහාය දුන් බවට චෝදනා ලැබූ පුද්ගලයන්ට සොල්දාදුවන් වෙඩි තබා ඇතැයි එම කොමිසම පවසයි.

ගැටුම්වලදී 3,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇත. නිවාසවලට ගිනි තබා විනාශ කොට ඇති අතර කඩ සාප්පු කොල්ලකා වගාවන් විනාශ කර ඇත. අගෝස්තු මාසයේ සිට, පැතිර යන කැරැල්ලක් මැඬපැවැත්වීම සඳහා අම්හාරා ප්‍රදේශයට හදිසි තත්ත්වයක් පනවා ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුව, ඉතියෝපියාවේ නවතම නොසන්සුන් කලාපය වන අම්හාරාහි ප්‍රචණ්ඩත්වය අවුළුවාලීමට හේතු වූයේ අප්‍රේල් මාසයේ දී ප්‍රාදේශීය සන්නද්ධ කණ්ඩායම් විසුරුවා හැරීමට රජය ගත් තීරණයක් හේතුවෙනි. එමඟින් ප්‍රතිවාදී ටිග්‍රේ සහ ඔරෝමියා ප්‍රදේශවලින් එල්ල වන තර්ජන හමුවේ තමන් අනාරක්ෂිත වනු ඇතැයි තර්ක කළ අම්හාරා නායකයෝ ඊට දැඩි ප්‍රතිරෝධයක් දැක්වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division