Home » කැනේඩියානු චෝදනා හමුවේ ඉන්දියාවේ සියලු පක්ෂ පොදු ස්ථාවරයකට පැමිණේ

කැනේඩියානු චෝදනා හමුවේ ඉන්දියාවේ සියලු පක්ෂ පොදු ස්ථාවරයකට පැමිණේ

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

වැන්කුවර්හි තදාසන්න ප්‍රදේශයක සික් ක්‍රියාකාරිකයකු ඝාතනය කිරීමට ඉන්දීය රජයට සම්බන්ධ ඒජන්තයන් වග කිව යුතු බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ කළ චෝදනාව ලොව පුරා ප්‍රතිරාවය කළේය. එක්සත් ජනපදයේ සිට එක්සත් රාජධානිය දක්වා රටවල් රැසක් මෙම චෝදනා සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළ අතර, ඊට අදාළ පරීක්ෂණයට සහාය දෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියාව මීට දැඩි ප්‍රතිචාරයක් දැක්වී ය. එම චෝදනා “විකාරයක්” ලෙස හැඳින්වූ නරේන්ද්‍ර මෝදි පාලනය දේශපාලනිකව අභිප්‍රේරණය වූ අතර කැනඩාව “ත්‍රස්තවාදීන්ට ආරක්ෂිත තෝතැන්නක්” වන තක්කඩි රාජ්‍යයක් බවට චෝදනා කළේ ය.

එය ඉන්දීය මාධ්‍ය සහ දේශපාලනය පුරා දෝංකාර දෙන දැඩි මනෝභාවයක් උද්ගත කර තිබේ. පාලක භාරතීය ජනතා පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් මෙන්ම ප්‍රවෘත්ති නිවේදකයන්, දේශපාලන විචාරකයන් සහ හිටපු තානාපතිවරු රැසක් ඉන්දීය මාධ්‍ය හරහා අසාමාන්‍ය ලෙස ඒකාබද්ධ ආඛ්‍යානයක් ඉදිරිපත් කරමින් ටෘෘඩෝ දේශපාලන වාසි තකා මෙන්ම ඔහුගේම අසාර්ථකත්වයන් වසන් කිරීමට මෙම සිද්ධිය යොදා ගන්නා බවට චෝදනා කරයි. කැනඩාව බෙදුම්වාදී ඛලිස්තානි ව්‍යාපාරයට සම්බන්ධ භයානක ප්‍රචණ්ඩකාරී සටන්කාමීන් රැසකට රැකවරණය සපයන බවට ද ඔවුහු චෝදනා කරති.

මේ වසරේ ඉන්දියාව ජී-20 සභාපතිත්වයට පත් වීමෙන් පසුව පසුගිය දා දිල්ලියේ පැවති නායක සමුළුවෙන් අනතුරුව, අගමැති නරේන්ද්‍ර මෝදි බටහිර බලවතුන් සමඟ ගොඩනඟන සන්ධාන පිළිබඳ ප්‍රවෘත්තිවලින් ඉන්දීය මාධ්‍ය පිරී තිබුණි. එහෙත් ටෘෘඩෝගේ චෝදනා ඉන්දීය මාධ්‍ය අවකාශය තුළ ජාතිකවාදී හැඟීම් උද්දීපනය කරමින් මේ සතියේ පුවත් පිටු බටහිර විරෝධී හැඟීම් සහ එක්සත් ජනපදය වැනි රටවල කුහකත්වය පිළිබඳ චෝදනාවලින් බර විය.

කොංග්‍රස් මන්ත්‍රී ශෂී තරූර් පැවසුවේ “ඔවුන් අනෙක් රටවල් විනිශ්චය කිරීමට ඉතා ඉක්මන් වන අතර ඔවුන්ගේ රටවල් ගැන අන්ධව ක්‍රියා කරන” බවයි. ”

“පසුගිය වසර 25 තුළ පිටස්තර ඝාතනවල ප්‍රමුඛතම වෘත්තිකයන් දෙදෙනා ඊශ්‍රායලය සහ එක්සත් ජනපදයයි. බටහිරට මානව හිමිකම් පිළිබද දර්පණ තිබේද?”, තරූර් ප්‍රශ්න කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division