Home » නගෝර්නෝ – කරාබාක්හි මානව සංහාරයක් සිදු කරන බවට අසර්බයිජානයට චෝදනා

නගෝර්නෝ – කරාබාක්හි මානව සංහාරයක් සිදු කරන බවට අසර්බයිජානයට චෝදනා

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

පසුගිය දින කිහිපය තුළ, මතබේදයට තුඩු දී ඇති නගෝර්නෝ – කරාබාක් කලාපයෙන් පලා යන වාර්ගික ආමේනියානුවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. අසර්බයිජානය විසින් තම රටට අයත් භූමියෙන් වට වූ ආමේනියානු ප්‍රදේශයට එරෙහිව පැය 24 පුරා ප්‍රහාරයක් දියත් කරන ලද අතර, පසුදින ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට පසු, සරණාගතයන්ට ආමේනියාව හා සම්බන්ධ වන පටු බිම් තීරයක් වන ලචින් කොරිඩෝව හරහා එම ප්‍රදේශයෙන් පිටව යාමට අවසර දී ඇත. මේ වන විට 30,000 කට ආසන්න පිරිසක් මෙම හරස් මාර්ගය ඔස්සේ පලා ගොස් ඇති බවට ගණන් බලා ඇත. කරබාකි ආමේනියානුවන් 120,000 න් බහුතරයක් ආර්මේනියාව බලා පිටත්ව යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, නගෝර්නෝ – කරාබාක්හි අගනුවර වන ස්ටෙපනාකර්ට්හි ප්‍රධාන අධිවේගී මාර්ගයක ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 68 දෙනෙකු මිය ගොස් 350 ක් පමණ තුවාල ලබා ඇත.

ආර්මේනියානු අගමැති නිකෝල් පෂින්යාන් අසර්බයිජානය කලාපයේ ජනවාර්ගික සංහාරයක් සිදු කරන බවට චෝදනා කරයි. මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අසර්බයිජානය කියා සිටින්නේ තමන් “ත්‍රස්ත විරෝධී” මෙහෙයුමක් දියත් කොට ඇති බවයි. නගෝර්නෝ – කරාබාක් හි බහුතර ආර්මේනියානු ජනගහනය අසර්බයිජානයට ඒකාබද්ධ කරන බවත් ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන බවත් හෙතෙම පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division