නව පාසල් වාරය 18 සඳුදා ඇරැඹේ | සිළුමිණ

නව පාසල් වාරය 18 සඳුදා ඇරැඹේ

සිංහල හා දෙමළ පාසල්හි 2022 සඳහා නව පාසල් වාරය 18 වැනි සඳුදා ආරම්භ වන අතර, පළමු වාරයේ පළමු අදියර මැයි 20 වැනිදා දක්වාත්, දෙවැනි අදියර ජූනි මස 6 වැනිදා සිට ජූලි මස 8 වැනිදා දක්වාත් පැවැත්වේ.

මෙසේ අදියර දෙකක් වශයෙන් පැවැත්වෙන්නේ මැයි මස 21 වැනිදා සිට ජූනි මස 5 වැනිදා දක්වා 2021 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් නිවාඩු ලැබෙන හෙයිනි. 2022 වර්ෂයේ දෙවැනි වාරය ජූලි මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 16 වැනිදා දක්වාත් පැවැත්වෙන අතර, පාසල්හි තෙවැනි වාරයද අදියර දෙකක් වශයෙන් පැවැත්විමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.

වර්ෂයකට පාසල් දින 210 ක් පැවැත්විය යුතු වුවද, 2022 වර්ෂයේ එම කාලය කෙටි නිසා එය ආවරණය කර ගැනීම සඳහා පාසල් කාල වේලාව පැයකින් දිගු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Comments