රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා ආලෝක පූජාව ජූනි 23,24 සහ 25 දිනවලදී | සිළුමිණ

රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා ආලෝක පූජාව ජූනි 23,24 සහ 25 දිනවලදී

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පොසොන් පුර පසොළොස්වක පොහෝ දිනයේදී පැවැත්වේ. මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙහි ප්‍රධානත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සහ අගමැති මහින්ද රාජපක්ෂයන්ගෙනි. මෙහි සේයාරුවෙන් දැක්වෙන්නේ කොවිඩ් 19 වසංගතය ආරම්භ වීමට පෙර සැදැහැවතුන් මිහින්තලාව වැද පුදා ගැනීමට යන අයුරුය.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවරද 59 වන වරට ජූනි 23 සිට 25 දක්වා තෙදිනක් තුළ පැවැත්වේ.

වසර 1963 ආරම්භ කරන ලද මෙහි සංවිධායකත්වය ලේක්හවුස් ආයතනය මඟිනි. බැතිබර දායකත්වය සපයනු ලබන්නේ ඩයලොග් ආයතනයයි. සම දිරිගැන්වීම ලංකා විදුලිබල මණ්ඩලය විසිනි.

24 වැනිදා පස්වරු 6 ට මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව විවෘත කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

මීට සමගාමීව ජාතික රූපවාහිනිය මඟින් පොහෝ දින සජීවී වැඩසටහන්ද මෙහිදී විකාශය කෙරේ.

එම අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂයන්, ඇමැතිවරුන් වන ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, එස්.එම්. චන්ද්‍රසේන ද ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න ඇතුළු ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු ආරාධිතයන්ද සහභාගිවීමට නියමිතය.

Comments