පළමු කසළ විදුලි බලා­ගා­රයේ විදු­ලිය නිපැ­යුම ලබන මස සිට | Page 2 | සිළුමිණ

පළමු කසළ විදුලි බලා­ගා­රයේ විදු­ලිය නිපැ­යුම ලබන මස සිට

සළ ඇසුරින් විදුලි බලය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය ලබන මාසයේ විවෘත කරනු ලබන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කුණු ටොන් 700ක් යොදා ගනිමින් මෙගාවොට් 10ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කෙරෙනු ඇත. මෙරට පළමු කසළ විදුලි බලාගාරය ලෙස හැඳින්වෙන මෙම බලාගාරය විවෘත කිරීමෙන් පසු සෙසු දිස්ත්‍රික්කවලද මේ ලෙසින් කසළ විදුලි බලාගාර විවෘත කිරීමට කටයුතු යොදනු ලබන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම විදුලි බලාගාර ව්‍යාපෘතිය, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේද සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන අතර කසළ කළමනාකරණයටද මෙය විසඳුමක් වනු ඇත.

Comments