ෆාම් ඔයිල් සමාගම් 2ක් රජයෙන් කෝටි 613ක් ජයටම ගසා කාලා | සිළුමිණ

ෆාම් ඔයිල් සමාගම් 2ක් රජයෙන් කෝටි 613ක් ජයටම ගසා කාලා

ශ්‍රී ලංකාවට ෆාම් තෙල් ආනයනය කරන සමාගම් දෙකක් විසින් රේගුවට අයවිය යුතු රේගු බදු මුදල් රුපියල් කෝටි 613ක් වසර 3ක කාලයක් තුළ (2013-2016) නොගෙවා ඇති බව වාර්තා වේ.

අදාළ රේගු බදු අය කර ගැනීමේදී රේගු නිලධාරීන් විසින් වංචනික ක්‍රියාවක් නිසා හෝ නොසැලකිල්ල නිසා හෝ අදාළ බදු අය කර ගැනීමේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර නැත.

එහිදී ෆාම් තෙල් සඳහා යෙදිය යුතු නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක ( HS Code ) යටතේ නිෂ්කාශනය නොකිරීමෙන් මෙම මුදල අහිමිව ඇත. විගණන විමසුමකින් මෙ බව අනාවරණය වීමෙන් පසුව එම මුදල් අදාළ සමාගම්වලින් අයකරගැනීම සඳහා මෙන්ම අදාළ විමර්ශන කටයුතු මේ වන විටත් අරඹා ඇත. ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය ලියනගේ විසින් අදාළ මුදල් අය කර ගැනීමට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Comments