කොවිඩ් අවදානම ගැන කොළඹ සීරුවෙන් | සිළුමිණ

කොවිඩ් අවදානම ගැන කොළඹ සීරුවෙන්

කොළඹ දිස්ත්‍රික්කය තුළ කොරෝනා රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. පසුගිය සිකුරාදා උදෑසන වන විට කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත රෝගීන් 11,406ක් වාර්තා වී තිබූ බවද එම මධ්‍යස්ථානය පෙන්වා දුන්නේය.

එහි ප්‍රකාශකයෙක් සිළුමිණට පැවසුවේ ශ්‍රී ලංකාවෙන් වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වූ පසුගිය 2 වැනිදා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 402ක් වාර්තා වූ අතර එයින් 90%ක්ම කොළඹ නගර සීමාවෙන් වාර්තා වූ බවයි. එදින දිවයිනේම රෝගීන් 878 දෙනකු වාර්තා වූ අතර සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම මෙම ව්‍යාප්තියට හේතුව බවද ඔහු පැවසීය.

ඉදිරි සතිය තුළද මේ ලෙසින් සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද කටයුතු කළහොත් යළිත් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකටම සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

Comments