කොරෝනා 2වැනි රැල්ලේ ආසාදිතයන් 19,000ක් | සිළුමිණ

කොරෝනා 2වැනි රැල්ලේ ආසාදිතයන් 19,000ක්

කොරෝනා දෙවන රැල්ලේ වයිරස ප්‍රභේදය වඩාත් ප්‍රබල හා වේගවත් පැතිරීමට හේතු වන හෙයින් කොරෝනා රෝග ලක්ෂණම පහළ වන තෙක් නොසිට යම් අසනීප තත්ත්වයත් වැළඳුණහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

පසුගිය සිකුරාදා දක්වා වාර්තා වූ මරණ 99න් 86ක් දෙවන රැල්ලේ මරණ වන අතර එයින් සැලකිය යුතු මියයාම් සංඛ්‍යාවක් රෝග ලක්ෂණ නොපෙන්වා හෝ නිවසේදී සිදුවූ මරණ නිසා සිදුවූ බව පෙන්වා දෙන සමරවීර මහතා බස්නාහිර ඇතුළු අධි අවදානම් කලාපවල සිටින වැඩිහිටියන් සහ නිධන්ගත රෝගවලින් පෙළෙන්නන් වැඩි අවධානයකින් සිටිය යුතු බවද කීය. කෙසේ වුවත් සාමාන්‍ය කොරෝනා රෝග ලක්ෂණ නොව ශාරීරික දුර්වලවීමක්, ආහාර අරුචිය, ගඳ සුවඳ නොදැනීම වැනි ලක්ෂණ හෝ පවතීනම් 1999 අංකය අමතා වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඒ මහතා ඉල්ලා සිටී. පසුගිය සිකුරාදා වන විට කොරෝනා දෙවෙනි රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව 18,900ක් ලෙස වාර්තා වී තිබුණේ මාස දෙකකටත් අඩු (දින 57ක්) කාලයකදීය. එම දින 57 තුළ මරණ 86ක් වාර්තා වූයේ පළමු රැල්ලේ මාස 5ක් තුළ මරණ 13ක් වාර්තා වූ පසුබිමක් තුළය.

Comments