සෙලාන් බැංකුවේ SLT අන්ත­ර්ජාල බිල්පත් ගෙවීම් යාව­ත්කා­ලීන වේ | Page 2 | සිළුමිණ

සෙලාන් බැංකුවේ SLT අන්ත­ර්ජාල බිල්පත් ගෙවීම් යාව­ත්කා­ලීන වේ

සෙලාන් බැංකුව, සිය පාරිභෝගික පහසුව තවදුරටත් පුළුල් කරමින් SLT අන්තර්ජාල බිල්පත් ගෙවීම් මෑතකදී වැඩිදියුණු කර ඇත. ඒ අනුව, ජංගම සහ අන්තර්ජාල බැංකුකරණ ඇතුළු සෙලාන් බැංකුවේ ගෙවීම් පහසුකම් හරහා SLT ස්ථාවර දුරකථන, Peo TV සහ බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවලට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරන පාරිභෝගිකයන් හට දැන් ගෙවීම් සිදු කළ මොහොතේ ම සිය SLT ගිණුම යාවත්කාලීන කර ගැනීමට හැකි වේ.

සියලු ම සෙලාන් බැංකු පාරිභෝගිකයන් හට හිමිකර ගත හැකි මෙම නව සේවාව, SLT කාර්යාලයට පිවිසීමෙන් තොරව ඕනෑම මොහොතක සිය බිල්පත් ගෙවීමේ අසමසම පහසුව පාරිභෝගිකයන්ට උදාකර දී ඇත. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු ශාඛා 173 ක් ද, මුදල් තැන්පතු යන්ත්‍ර 70 ක් ද, චෙක් තැන්පතු යන්ත්‍ර 66 ක් ද, ATM ඒකක 216 ක් ද සමඟින් සිය ජාලය තවදුරටත් පුළුල් කර ඇත.

Comments