ආචාර්ය රංග කලන්සූරියට ජගත් සම්මාන නිර්දේශයක් | සිළුමිණ

ආචාර්ය රංග කලන්සූරියට ජගත් සම්මාන නිර්දේශයක්

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සේවය කළ පුද්ගලයන්ට සහ සංවිධානවලට සම්මාන පිදීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක පියවරේදී ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ආචාර්ය රංග කලන්සූරිය අදාළ සම්මානයට නිර්දේශ වී තිබේ. ඔහු එම සම්මානයට නිර්දේශ වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දුන් දායකත්වය වෙනුවෙනි.

සම්මානය සඳහා ලොව පුරා විවිධ රටවලින් පුද්ගලයන් සහ ආයතන හැටක් යෝජනා වී තිබු අතර පසුගිය නොවැම්බර් 16වනදා ප්‍රකාශයට පත් කළ පරිදි ශ්‍රී ලංකාවේ රංග කලන්සූරිය ද ඇතුළුව පුද්ගලයන් සහ ආයතන පහක් අවසන් වටය සඳහා නිර්දේශ වී තිබේ. මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකාරී වන්නන්ට සම්මාන ලබා දීමේ වැඩපිළිවෙළ එක්සත් රාජධානිය සහ කැනඩාව එක්ව සංවිධානය කර තිබේ.

Comments