‘GoodWe’ සමග බ්‍රෑන්ටෙල් එක් වෙයි | Page 2 | සිළුමිණ

‘GoodWe’ සමග බ්‍රෑන්ටෙල් එක් වෙයි

 ‘GoodWe’ මෙරට බෙදාහැරීම සඳහා ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික සමාගමක් වන බ්‍රෑන්ටෙල් ලංකා (පෞද්ගලික) සමාගම විසින් බෙදාහැරීමේ අයිතිය අත්පත් කරගෙන තිබෙන අතර මේ තුළින් සමාගමේ භාණ්ඩ අතරට තවත් ලොව ප්‍රමුඛතම තාක්ෂණික සන්නාමයක් එකතුවී තිබීම කැපී පෙනේ.

Hybrid grid-connected පද්ධතිවලට දහවල් කාලයේ දී උත්පාදනය කරන සූර්ය බලශක්තිය රාත්‍රී කාලයට භාවිත කිරීම සඳහා බැටරිවලට ගබඩා කිරීමේ හැකියාව තිබේ. එසේම, පාරිභෝගිකයාට විකල්ප අවස්ථා දෙකක් ලබාදෙමින් ගබඩා කළ සූර්ය බලශක්තිය අඩුවන විට ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලිය සැපයුම ලබාගැනීමේ අවස්ථාව මෙහි දී හිමිවේ. විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවල විශේෂයෙන් විකල්ප බලශක්ති සැපයුමක් ලෙස මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වන බව බ්‍රෑන්ටෙල් සඳහන් කරයි.

ලෝකයේ Hybrid Inverter වෙළෙඳපොළින් 15% කට වැඩි වෙළෙඳපොළ කොටසක් හිමි GoodWe සන්නාමයේ බලයලත් බෙදාහරින්නා ලෙස බ්‍රෑන්ටෙල් සඳහන් කරන්නේ on-grid solar පද්ධති සඳහා විකල්පයක් වන මෙම Hybrid Inverter අවශ්‍ය තොග මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් පවත්වා ගන්නා බවයි.

බ්‍රෑන්ටෙල් විසින් ගෝලීය ප්‍රමුඛතම නිෂ්පාදකයන් වෙතින් මෙරට පාරිභෝගිකයන්ට ගෙනෙන නිෂ්පාදන අතරට කුඩා පරිගණක, ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ්ලට්, copper සහ fibre network cables, passive network components, solar inverters, PV modules, point-of-sale thermal ප්‍රින්ටර සහ, ඩිජිටල් ස්මාර්ට් බෝර්ඩ් විසඳුම් අයත් වේ.

එසේම, Corning සහ E-tel ජංගම දුරකථනවල මෙරට ජාතික බෙදාහරින්නා ලෙසින් කටයුතු කරන්නේ බ්‍රෑන්ටෙල් සමාගමයි.

Comments