‘20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන නැවත සිතා බලන්න’ | සිළුමිණ

‘20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන නැවත සිතා බලන්න’

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ඇල්ලේ ‍ගුණවංශ හිමි සහ බෙංගමුවේ නාලක හිමි

දැනට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇති ආකාරයෙන් සම්මත කර ගැනීම ගැන නැවත සිතා බලන ලෙස සමාජ ක්‍රියාකාරී ජ්‍යෙෂ්ඨ හිමිවරුන් තුන්නමක් ජනාධිපතිවරයා ගෙන් ඉකුත් 15 වැනිදා ලිඛිතව ඉල්ලා සිටියහ. වත්මන් රජය බලයට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ භික්ෂූන් වහන්සේ, ජාතික සංවිධාන ඇතුළු දේශප්‍රේමී ජනතාව නියෝජනය කරමින් තමන් මෙම ඉල්ලීම කරන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ඇල්ලේ ගුණවංශ හිමි සහ බෙංගමුවේ නාලක හිමි එමඟින් අවධාරණය කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක වන ශක්තිමත් රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ ව්‍යවස්ථාවක් ජනතාවගේ සැබෑ බලාපොරොත්තුව වුවද 20වන සංශෝධනයෙන් බිහි කරනුයේ එයට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක් බවද එමඟින් පෙන්වා දී තිබේ. එබැවින් ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගන්නා අයුරින් සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් නොව ජනතාවට සුබදායී ලෙස ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම හිමිවරු සිය ලිපිය මඟින් ඉල්ලා සිටිති.

Comments