දේශ­පා­ලන පළි­ගැ­නීම් 6,952ක් සහන සලකා බැලීම ඇරැඹේ | Page 2 | සිළුමිණ

දේශ­පා­ලන පළි­ගැ­නීම් 6,952ක් සහන සලකා බැලීම ඇරැඹේ

සර 2015 සිට 2019 දක්වා ‘යහ­පා­ලන‘ රජයේ දේශ­පා­ලන පළි­ගැ­නීම් පිළි­බ­ඳව රාජ්‍ය සේවයේ දේශ­පා­ලන පළි­ගැ­නීම් සොයා­බ­ලන කමි­ටු­වට ලැබුණු අභි­යා­චනා 6,952ක් පිළි­බ­ඳව පරීක්ෂා කිරීම දැන් ආරම්භ කර තිබේ.

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ පරි­පා­ල­න­මය වශ­යෙන් දේශ­පා­ලන පළි ගැනී­මට ලක් වූ සේව­ක­යන් විසින් මෙම පැමි­ණිලි 6,952 ඉදි­රි­පත් කළ අතර ඉන් පැමි­ණිලි 2,365ක් කමි­ටුව වෙත ඍජුව ලැබී තිබිණි.

ඉකුත් ‘යහ­පා­ලන‘ ආණ්ඩු සමයේ රාජ්‍ය සේවයේ   සිදුවූ දේශ­පා­ලන පළි ගැනීම් සොයා­බැ­ලීම පිළි­බ­ඳව අග­මැති මහින්ද රාජ­පක්ෂ විසින් අමාත්‍ය ගාමිණී ලොකුගේ ගේ සභා­ප­ති­ත්ව­යෙන් යුතුව මෙම කමි­ටුව පත් කරන ලදී.

මෙම කමි­ටුවේ සෙසු සාමා­ජි­ක­යන් වූයේ හිටපු අමා­ත්‍යාංශ ලේකම් මහින්ද සෙනෙ­වි­රත්න, හිටපු අති­රේක අධ්‍යක්ෂ ජන­රාල් ආරි­ය­රත්න ආරි­ය­ප්පෙ­රු­මය. කමි­ටුවේ කැඳ­වු­ම්කරු ලෙස කට­යුතු කෙළේ නීතිඥ චතු­රිකා විජේ­සිං­හය.

Comments