සෙලාන් බැංකුව සමඟ අයිඩියල් මෝටර්ස් එක් වේ | Page 2 | සිළුමිණ

සෙලාන් බැංකුව සමඟ අයිඩියල් මෝටර්ස් එක් වේ

සේයා රූ සටහන: වමේ සිට දකුණට: සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර, නිෂ්පාදන සහ යොමු සංවර්ධන ඒ.එච්.එම් අසීස්, එම බැංකුවේ ලීසිං අංශයේ ප්‍රධානී දිලුම් අමරසිංහ, එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමන්‍යාධිකාරි රමේෂ් ජයසේකර, එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න, අයිඩියල් සමූහයේ සභාපති නලින් වෙල්ගම, අයිඩියල් මෝටර්ස් සමාගමේ රථ වාහන අංශයේ අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න, අයිඩියල් සමූහයේ නීති සහ ආයතනික කටයුතු අංශයේ අධ්‍යක්ෂිකා නිමිෂා වැලිගම, අයිඩියල් මෝටර්ස් සමාගමේ විකුණුම් ප්‍රධානී ඩිල්ශාන් තෙන්නකෝන්

මහින්ද්‍රා රථ මිලදී ගන්නා පාරිභෝගිකයන් හට පහසු ලීසිං විසඳුම් පිරිනැමීම සඳහා සෙලාන් බැංකුව, අයිඩියල් සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම මහින්ද්‍රා රථ හා යතුරුපැදි මෙරටට ගෙන්වා බෙදාහැරීමේ එකම බලයලත් නියෝජිතයා ද වන අයිඩියල් මෝටර්ස් සමාගම සමඟ අත්වැල් බැඳ ගනී.

මෙම සබඳතාව හේතුවෙන් මෝටර් රථ, සැහැල්ලු ට්‍රක් රථ, වෙළඳ කටයුතු සඳහා භාවිතාකරන බර වාහන සහ මගී වාහන සඳහා සෙලාන් ලීසිං හරහා විශේෂිත පොළී අනුපාත, නොමිලේ වාහන ලියාපදිංචිය, වසරක් දක්වා හෝ කිලෝ මීටර 50,000 දක්වා වගකීම, රු. 10,000 සිට රු. 50,000 දක්වා විශේෂ ගැනුම් වට්ටම්, තෝරාගත් රක්ෂණ හවුල්කරුවන්ගෙන් විශේෂ රක්ෂණ වාරික, Apollo ටයර් සඳහා 20% ක වට්ටම් සහ පූර්ව අනුමත සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයන් හට හිමිවේ. ඉහත ප්‍රතිලාභවලට අමතරව, පාරිභෝගිකයන්ගේ ගෙවීම් හැකියාවට ඔබින පරිදි ලීසිං සැලසුම් අවම ලියකියවිලි සමඟින් ලබාදීමට සෙලාන් කණ්ඩායම කටයුතු කරයි.

Comments