කෝටි ගණන් පිල්ලි ගැසූ ඉඩම් හොරු දැලට අසු­වෙයි | Page 2 | සිළුමිණ

කෝටි ගණන් පිල්ලි ගැසූ ඉඩම් හොරු දැලට අසු­වෙයි

කොළඹ ඇතුළු ප්‍රධාන නග­ර­වල ඉඩ­ම්ව­ලට ව්‍යාජ ඔප්පු සාදා කෝටි ගණ­නින් මුදල් වංචා කළ සංවි­ධා­නා­ත්මක ජාවා­ර­ම්ක­රු­වන් 21ක් ඊයේ වන විට අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සිය සමත් විය. අත්අ­ඩං­ගු­වට ගත් පිරිස අතර නීති­ඥ­ව­රුන් නොතා­රි­ස්ව­රුන් සහ ඉඩම් රෙජි­ස්ටාර් කාර්යා­ල­වල නිල­ධා­රීන් කිහිප දෙන­කුද වේ.

රාජ්‍ය නොවන සංවි­ධාන කිහි­ප­යක සංවි­ධා­නා­ත්මක ව්‍යාපා­ර­යක් බවට පත් වී ඇතැයි කියන මෙම ජාවා­ර­මට දෙමළ ඩයස් පෝරාවේ හා පාතා­ලයේ ඇති සම්බ­න්ධ­තා­ව­යන් පිළි­බ­ඳව පරී­ක්ෂණ දැන් ක්‍රියා­ත්මක අතර ඒවාට සම්බන්ධ කිහිප දෙනෙක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර තිබේ. මෙසේ ව්‍යාජ ඔප්පු සැක­සීම පිළි­බඳ අවස්ථා වඩාත් වාර්තා වී ඇත්තේ විදේ­ශ­ගත වූ පුද්ග­ල­යන්ගේ සහ පැරැණි වල­ව්ව­ලට අයත් පාර­ම්ප­රික ඉඩම් සඳ­හාය. මේ පිළි­බ­ඳව කළ විම­සී­ම­කදී රෙජි­ස්ට්‍රාර් ජන­රාල් එම්. පී. විතා­නගේ මහතා කියා සිටියේ මෙයට විසඳුමක් ලෙස ‘ඊ ලෑන්ඩ්’ නම් වැඩ­පි­ළි­වෙළ යටතේ ඉදි­රි­යේදී සෑම ඉඩම් හිමි­ක­මක් සඳ­හාම වෙනස් කළ නොහැකි හෝ ඉවත් කළ නොහැකි ඉලෙ­ක්ට්‍රො­නික පත්ඉරු සකස් කරන බවය.

වර්ත­මා­නයේ රටේ ඉඩම් පත්ඉරු ලක්ෂ 1500ක් පමණ ඇති අතර ඉන් දැන­ට­මත් පත්ඉරු ලක්ෂ 520ක් ස්කෑන් කර 'ඊ ලෑන්ඩ්' වැඩසටහන සඳහා ඉලෙ­ක්ට්‍රො­නි­කව දත්ත ගබඩා කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

Comments