තැපැල් ඡන්ද 65% ඉක්ම­වයි | සිළුමිණ

තැපැල් ඡන්ද 65% ඉක්ම­වයි

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසු­ගිය සිකු­රාදා අව­සන් වූ අතර 70,5505ක් වූ තැපැල් ඡන්ද අයැ­දු­ම්ක­රු­ව­න්ගෙන් 65%ක් පමණ තැපැල් ඡන්ද ප්‍රකාශ කර ඇති බව මැති­ව­රණ කොමි­සම පව­සයි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරී­මට නොහැකි වූ අයට 20 හා 21 දෙදින තමන් පදිංචි දිස්ත්‍රි­ක්කයේ දිස්ත්‍රික් ලේකම් කර්යා­ල­යට ගොස් ඡන්දය පාවිච්චි කිරී­මට පහ­සු­කම් සලසා ඇති බවද කොමි­සමේ සභාව පෙන්වා දෙයි.

මේ අතර පව­තින කොරෝනා තත්ත්වය තුළ නිරෝ­ධා­ය­නය වන සියලු දෙනාට ඡන්දය ප්‍රකාශ කීරි­මට අව­ස්ථාව ලබා දීම පිළි­බ­ඳව කොමි­සමේ විශේෂ අව­ධා­නය යොමු කර ඇති බවද ඒ පිළි­බ­ඳව 20 පැවැ­ත්වෙන මැති­ව­රණ කොමි­සමේ රැස්වී­මේදී අව­සන් තීර­ණ­ය­කට එළ­ඹෙන බවද කොමි­සම පෙන්වා දෙයි.

Comments