රැඳවියන්ගේ PCR වාර්තා අද | Page 2 | සිළුමිණ

රැඳවියන්ගේ PCR වාර්තා අද

වැලිකඩ බන්ධනාගාරයේ වෙනත් කිසිදු රැඳවියෙකුට හෝ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී, යුද හමුදාපති ලුතිනින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ, කරන ලද PCR පරීක්ෂණවලදී ඒ බව තහවුරු වූ බවයි.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ PCR පරීක්ෂණ වාර්තා අද ලැබීමට නියමිත බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

ඊයේ ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2094 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිතයින් 116 දෙනෙකු, මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 1967 කි.

 

Comments