ලොව පුරා ආසාදිතයන් ලක්ෂ 83 ආසන්න වෙයි | සිළුමිණ

ලොව පුරා ආසාදිතයන් ලක්ෂ 83 ආසන්න වෙයි

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 82 ලක්ෂ 64,400කට ආසන්න වී තිබේ.

එමෙන්ම කොරෝනා මරණ 446,135ක් වාර්තා විය.

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොවිඩ් රෝගීන් 25,450ක් සොයා ගැනීමත් සමඟ එරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,208,400ක් දක්වා ඉහළ ගිය අතර එරට මරණ සංඛ්‍යාව 119,132ක් වාර්තා වන්නේ නව මරණ 849ක් සොයාගැනීමත් සමඟයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යව අතරින් බ්‍රසීලය ලොව දෙවන ස්ථානයේ පසුවේ.

ඒ ගෙවුණු පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 37,278ක් සොයාගෙන ඇති අතර එරට සමස්ථ වෛරස් ආසාදිතයන් 928,834ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රසීලයේ ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 1,338ක් හමුවී ඇති අතර එරට මේ වන විට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 45,456ක්.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මියගිය සංඛ්‍යාව 50,000 කට ආසන්න වී තිබේ.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 41,969ක් ලෙසයි.

එමෙන්ම එරට ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 89,140 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ සිදුවන දෛනික මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් මරණ 2006ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 11,921ක් ලෙසයි.

එමෙන්ම, නව ආසාදිතයින් 11,135ක් වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 54,161 දක්වා ඉහළ ගියේය.

Comments