සුවය ලැබු සමස්තය 1122 ක් | සිළුමිණ

සුවය ලැබු සමස්තය 1122 ක්

අද (10) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 65 ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1122 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් මෑතකදී හඳුනා ගත් අඩුම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ(09) දිනයෙන් වාර්තා විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඊයේ දිනයේ ආසාදිතයින් දෙදෙනෙකු පමණක් හඳුනාගත් බවයි.

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් දෙදෙනාගෙන් එක් අයෙකු කටාර් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි  පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා නිරෝධායනයට යොමු කර සිටි නාවික හමුදා සාමාජිකයෙක්.‍

සමස්ත ආසාදිතයින්ගෙන් 865 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉන් තවත් 45 දෙනෙකු අද සුවය ලබා පිටව යාමත් සමඟ මේවන විට සුවය ලබා ඇති සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 608 ක්.

මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් ගණන 1859 ක්

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 791 ක් වන අතර එය සියයට 42.55ක ප්‍රතිශතයක්.

මරණ ගණන 11 ක් වන නමුත් එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් සියයට 0.59 ක තරම් සුළු අගයක පවතියි.

Comments