කළුතර සරසවියට මූලික සැලසුම් | සිළුමිණ

කළුතර සරසවියට මූලික සැලසුම්

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතාගේ උපන් ගම ලෙස සැලකෙන කළුතර දිස්ත්‍රික්කයේ ඉත්තෑපාන ප්‍රදේශයේ රජයට අයත් අක්කර 200 ක පමණ භූමියක රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ඉදි කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.

බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවලට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයට ද රජයේ විශ්ව විද්‍යාලයක් ඉදි කීරිමෙන් වසරකට විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරගැනීම මෙම විශ්ව විද්‍යාලය ඉදිකිරීමේ අරමුණ වී ඇත.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා උසස් අධ්‍යාපන අැමැති ආචාර්ය බන්ධුල ගුණවර්ධන සමඟ සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ග මහ පණ්ඩිත ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර යන හිටපු මන්ත්‍රීවරු හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් ඉකුත් දා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් අදාල ඉඩම නිරික්ෂණය කරන අයුරු මෙම ඡායාරූපවලින් දැක්වේ.

Comments