ලක්ෂ 74කට රුපියල් කෝටි 5000ක් | සිළුමිණ

ලක්ෂ 74කට රුපියල් කෝටි 5000ක්

වත්මන් තත්ත්වය මත ආදායම අඩු වීම නිසා බලපෑමට ලක් වූ පුද්ගලයන් ලක්ෂ හැත්තෑ හතරකට රුපියල් 5000 ගෙවීමේ වැඩපිළිවෙළ දෙවරක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය රුපියල් කෝටි 5000ක් පමණ වැය කරන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන හා නව උත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මෙවැනි ආධාර මුදලක් මෙරට පුද්ගලයන් ලක්ෂ හැත්තෑ හතරකට ගෙවීම කිසිම රජයකින් සිදු කළ සහනාධාර වැඩපිළිවෙළක් නොවන බවත් මෙවැනි විශාල පිරිසකට සහනාධාර වශයෙන් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බවත් ඇමැතිවරයා කීය. මෙම සහන බෙදීමට සම්බන්ධ වන ග්‍රාම නිලධාරීන්ට, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට, සංවර්ධන නිලධාරීන්ට, හා පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට වැටුපට අමතරව රුපියල් 2650ක අතිරේක දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද ඇමැතිවරයා පවසයි.

සන්නිවේදන දීමනා ඉන්ධන දීමනා ගමන් වියදම්, හා ප්‍රවාහන දීමනා ලෙස මෙම දීමනා ලබා දෙන බවත්, ආබාධිත පුද්ගලයන්ට, වකුගඩු රෝගීන්ට හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවැනි වර රුපියල් 5000 ගෙවීම දැන් අවසන් වෙමින් පවතින බවත් ඇමැතිවරයා පැවැසීය.

 

Comments