කොරෝනා වළක්වන්න අහඹු සාම්පල් ගැනීම අනිවාර්යයි | සිළුමිණ

කොරෝනා වළක්වන්න අහඹු සාම්පල් ගැනීම අනිවාර්යයි

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම පිණිස අහඹු ලෙස පුද්ගලයන්ගෙන් සාම්පල ලබා ගෙන පීසීආර් පරීක්ෂා කිරීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි. රෝගය වැළදී නැති පළාත්වල ප්‍රජාව තුළින් සාම්පල් ලබා ගැනීම මෙහිදී වැදගත් බව පෙන්වා දුන් ඔහු පැවසුවේ මේ වන විට මේ රෝගය දිස්ත්‍රික්ක 21කට පැතිර ගොස් තිබීම නිසා රෝගය ව්‍යාප්තිය පාලනයට නම් අහඹු පරීක්ෂණ සිදු කිරීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවයි. ඒ අනුව අවම වශයෙන් දිනකට පරීක්ෂණ 2500ක් වත් කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

 

Comments