හැදුනුම්පත් නීතිය කඩ කරන්නන්ට දැඩි දඬුවම් | සිළුමිණ

හැදුනුම්පත් නීතිය කඩ කරන්නන්ට දැඩි දඬුවම්

හැදුනුම්පතේ අංකය උපයෝගි කර ගනිමින් නිවසින් බැහැරට යාමට ලබාදී ඇති අවසරය කඩ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය සහ ආරක්‍ෂක අංශ දැඩි සෝදිසියෙන් කටයුතු කරන බව පොලීසිය පවසයි.

පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන්ද නිරෝධායන රීති ආරක්‍ෂා කිරීම සදහා යොදවන බවයි.

කෙසේ වෙතත් ජාතික හැදුනුම්පතේ අංක පදනම් කර ගනිමින් නිවසින් බැහැරට යාමට අවස්ථාව උදාවන්නේ හෙට දිනයේ ඇදිරි නීතිය ලිහිල් කරන ප‍්‍රදේශයේ ජනතාවට පමණක් බවද මෙහිදී අවධාරණය කෙරිණ.

අත්‍යවශ්‍ය හෝ හදිසි කටයුතු සදහා ගමන් කරන පිරිස් වෙත මෙම නියමයන් බලනොපාන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කලේය.

නව ක‍්‍රමවේදය යටතේ එක් දිනකදී නිවසින් බැහැරට යාමට අවසර හිමිවන්නේ සමස්ත ජනතාවගෙන් පහෙන් එකකට පමණක් බවද මෙහිදී සිහිපත් කෙරිණ.

Comments