ශ්‍රී ලංකාවාසී සියලු දෙනාගේ අනාගත අභිවෘද්ධිය සඳහා සහ මතු පරපුර සඳහා දෙනු ලබන දායාදයක් ලෙස ජීවයේ පැවැත්මට අතිශයින් වැදගත් ජීව ඔක්සිජන් වායුව නිෂ්පාදනය සඳහා අවශ්‍ය රුක් වගාව සංවර්ධනය කිරීම අපගේ වගකීමක් ලෙස සලකා ඉහත ව්‍යාපෘතියේ දෙවන පියවර සී/ස ටයර් හවුස් සමූහ ව්‍යාපාරයේ MAXXIS THURU VIYANA, MAXXIS ටයර් සන්නාමය යටතේ දියත් කරන ලදී. පසුගිය මාර්තු 10 වන දා ප්‍රවීණ රංගධර ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේ යුධ හමුදා පරිශ්‍රයේ දී දියත් කරන ලදී. ඡායාරූපයේ වමේ සිට ශ්‍රී ලංකා යුද හමුදා පාබළ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, මධ්‍යස්ථාන සේනා විධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවල, කළමනාකාර අධ්‍යක්ෂ- ටයර් හවුස් සමූහ, සුනිල් ෆොන්සේකා සහ ප්‍රවීණ රංගධර ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය.