කළු­බෝ­විල හත්බෝධි විහා­ර­ස්ථා­නයේ පින්කම් මාලා­වක් | සිළුමිණ

කළු­බෝ­විල හත්බෝධි විහා­ර­ස්ථා­නයේ පින්කම් මාලා­වක්

දෙහි­වල කළු­බෝ­විල හත්බෝධි රජ­මහා විහා­ර­ස්ථා­නයේ වාර්ෂි­කව සිදු කරන අට­විසි බුද්ධ පූජා සහිත ධර්ම දේශනා මාලාව සහ ශ්‍රී උප­නන්ද ගුණා­නු­ස්ම­රණ පින්කම් මාලාව මේ දින­වල විහා­ර­ස්ථා­න­යේදී පැවැත්වේ.

පසු­ගිය 27 වැනි දින ආරම්භ කෙරුණු පින්කම මාර්තු මස 15 වැනි දින දක්වා පැවැත‍්වේ. රාත්‍රී 7.30 ට ආරම්භ වන ධර්ම දේශ­නා­වන් පව­ත්වන ස්වාමීන් වහ­න්සේලා පිළි­වෙ­ළින් බග­ව­න්ත­ලාවේ රාහුල, ගල්ලැ­හැ­පි­ටියේ පේම­ර­තන, හස­ලක සීල­වි­මල, හිගුරේ පඤ්ඤා­සේ­කර, මාන­ක­ඳුරේ පඤ්ඤා­සාර, ඉඳු­රා­ගාරේ ධම්ම­ර­තන, පයා­ගල නිමල, තලල්ලේ චන්ද­කිත්ති, මාව­රල භද්දිය, බොරැල්ලේ කෝවිද, සිය­ඹ­ලා­ගොඩ ධම්මින්ද, කැල­ණියේ ශාසන වංශ, කොල­බිස්සේ ධම්මා­නන්ද, කුකු­ල්පනේ සුදස්සි, මාලි­ම්බඩ පඤ්ඤා­සාර, මීගොඩ සුඛිත, අළු­ත්ගම පඤ්ඤා­සාර සහ කහ­ගොල්ලේ සෝම­වංශ යන ස්වාමීන් වහ­න්සේ­ලාය.

විහා­ර­ස්ථා­නයේ ආදි කර්තෘ කිරු­ළ­පනේ උප­නන්ද සහ කළු­බෝ­විල විම­ල­සිරි යන ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේ­ලාට පින් අනු­මෝ­දන් කිරී­මට විහා­රස්ථ බෝධි­රාජ කුල­ඟන සමි­තිය මෙම පින්කම සංවි­ධා­නය කරයි.

Comments