මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් එක්ව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාෙව්දී එකලස් කොට නිෂ්පාදනය කළ KUV100NXTK6+ නවතම SUV රථය පසුගියදා වැලිපැන්න MILPL අංගණයේදී මුල්වරට ධාවනයේ යොදවන ලදී.
මගී වාහන මාදිලියට අයත් මෙය, ශ්‍රී ලාංකික වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරන්නට සමත් වූ රථයක් ලෙස හැඳින්විය හැකි බව මහින්ද්‍රා අයිඩියල් සභාපති නලීන් වෙල්ගම මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පසුගියදා වැලිපැන්නේ පැවති එළිදැක්වීමේ උත්සවයේදීය. වසර 3ක වගකීම හෝ කි.මී. 100,000 වගකීම මෙන්ම අයිඩියල් මෝටර්ස් දීප ව්‍යාප්ත සේවා ජාලය ද නිසා පාරිභෝගිකයන්ට වඩාත් විශ්වාසයෙන් යුතුව මිලදී ගත හැකි රථයක් ලෙසද ඔහු මෙය හඳුන්වා දුන්නේය.
මහින්ද්‍රා සමාගම සහ අයිඩියල් මෝටර්ස් හවුල්කාරීත්වය ඇතිව නිර්මාණය කළ MILPL සමාගම සතු මහින්ද්‍රා වාහන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයක් ලෙස මෙය එළිදක්වනු ලැබීය.
නලින් වෙල්ගම මහතා ප්‍රමුඛ අයිඩියල් කණ්ඩායම |
අන්තර්ජාතික සම්මතයන්ට හා වාහන නිෂ්පාදකයා විසින් අනුමිත ප්‍රමිතීන්ට අනුවම ශ්‍රී ලංකාවේදී වාහන එකලස් කිරීමේ හැකියාව මෙහි පවතින අතර නවීන තාක්ෂණික යන්ත්රසූත්ර භාවිතයෙන් අංග සම්පූර්ණ වශයෙන් වාහන එකලස් කළ හැකි ශ්‍රී ලංකාවේ පළමු CKD කර්මාන්තශාලාව ද මෙය වේ.
නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත වැලිපැන්න වාහන කර්මාන්තශාලාවේදී එකලස් කොට නිර්මාණය කෙරුණු KUV100 NXT ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මෙම මාදිලියේ පළමු මෝටර් රථය වේ.
මෙම කර්මාන්තශාලාවෙන් වසරකට වාහන 5000ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති අතර, මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම විසින් දේශීයව නිපදවනු ලබන උපාංග වර්ග 4ක් වේ. එනම්, බැටරි, ටයර්, ආසන සහ එක්ස්හෝස්ට් පද්ධතියයි.
මෙම සියලු උපාංගයන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට හා සම්මතයන්ට අනුව ශ්‍රී ලංකාවේදී නිපදවනු ලබන අතර අපනයන ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය සපයන දේශීය සැපයුම්කරුවන් වෙතින් මීට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනේ.
මෙම වාහන කර්මාන්තශාලාව මඟින් ඉදිරි වසර 2ක කාලය තුළ ඍජු හා වක්‍ර රැකියා 200ක ප්‍රමාණයක් උත්පාද කිරීමට අපේක්ෂිතය.
KUV100NXTK6+ යනු මෙහි පළමු සාර්ථක පියවර වන අතර ඉදිරි වසර 3ක කාලය ඇතුළත තවත් නිෂ්පාදන කිහිපයක්ම හඳුන්වා දීමට නියමිතය.
එසේම, KUV100 NXT මීට වසර 3කට පෙර හඳුන්වා දෙනු ලැබූ මෝටර් රථයක් වන අතර මේ වන විට ලොව පුරා තෘප්තිමත් පාරිභෝගිකයන් ලක්ෂයකට වඩා භාවිත කරනු ලබන රථයකි. යුරෝපය, අප්‍රිකාව, කොරියාව, ඔස්ට්‍රේලියාව සහ මධ්‍යම දකුණු ඇමරිකාව යන කලාපයන්හි සාර්ථකව අත්හදා බලා ඇති මෙය වර්තමානයේ යුරෝපය තුළ ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින නිෂ්පාදනයක් ලෙස සැලකේ.
ලීටර් 1.2/1198cc mFALCON පෙට්‍රල් එන්ජිම, උපරිම බලය: 82bhp @ 5500 rpm සහ උපරිම භ්‍රමණය 115Nm @ 3500-3600 rpm., මෙහි අධි තාක්ෂණික විශේෂාංග වේ.
එසේම, අධිශක්ති වානේ යොදා නිමැවූ ශක්තිමත් SUV බඳ, 9 වන පරම්පරාවේ බෝෂ් ABS පද්ධතිය සහ EBD, ද්විත්ව එයාර් බෑග්, හදිසි තිරිංග යෙදීමකදී ස්වයංක්‍රීය අනතුරු සංඥා ලාම්පු ක්‍රියාකාරිත්වය, වේගය අනුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දොර අගුල් පද්ධතිය සහ විශාලත්වය වැඩි කළ හැකි වඩාත් ඉඩකඩ සහිත බූට් ස්පේස්, මෙහි ඇති තවත් විශේෂාංග වේ.
ඇමෙරිකානු ඩොලර් බිලියන 20.7ක වත්කම් සහිත සමාගමක් වන මහින්ද්‍රා සමූහ ව්‍යාපාරය, නවීන තාක්ෂණයෙන් යුතු රථවාහන නිෂ්පාදනය හරහා මිනිස් ජීවිත සුවපහසු කරන්නටත්, ග්‍රාමීය ආර්ථිකය දිරිමත් කරන්නටත්, නාගරික ජීවන රටාව ඉහළ නංවන්නටත්, නව ව්‍යාපාර ඇති කරමින් සමාජය බලගන්වන්නටත් නිරන්තරයෙන් ඇපකැප වූ සමාගමකි. කාර්ය මූලික වාහන නිෂ්පාදනය සඳහා ප්‍රමුඛ නමක් දිනා ඇති මහින්ද්‍රා, තොරතුරු තාක්ෂණ, මූල්‍ය සේවා ඇතුළු තවත් සේවාවන් රැසකගෙන් සමන්විත ඉන්දියානු සමාගමක් වන අතර ප්‍රමාණය අතින් ලෝකයේ විශාලතම ට්‍රැක්ටර් සමාගම ද වේ.
කෘෂි ව්‍යාපාර, ගුවන්, වෙෙළඳ වාහන, උපාංග, ආරක්ෂක සේවා, භාණ්ඩ ප්‍රවාහන සේවා, දේපළ වෙළෙඳාම්, පුනර්ජනනීය බලශක්ති, මෝටර් බෝට්ටු සහ වානේ නිෂ්පාදනය යන ව්‍යාපාරයන් රැසකට ද මහින්ද්‍රා සමාගම හිමිකම් කියයි. මහින්ද්‍රා ප්‍රධාන කාර්යාලය ඉන්දියාවේ පිහිටි අතර ලොව පුරා රටවල් 100කට වැඩි ගණනක සේවකයන් 240,000කට අධික පිරිසක් ද සේවය කරනු ලබයි. KNV100 ප්‍රථම වතාවට මෙරට නිපදවන්නේ, ‘අපේ රටෙන් පිටරටට’ යන සාඩම්බර ශ්‍රී ලාංකේය නිපැයුමක් ලෙසිනි.
මෝටර් රථය එකලස්වන අයුරු |
නිමවූ වාහනය අධික ජල පීඩනයට ලක් කරමින් |