විශ්වීය බෞද්ධ භික්ෂූ සම්මේ­ල­නයෙන් සිසුන් 5000කට තිළි­ණ‍ | සිළුමිණ

විශ්වීය බෞද්ධ භික්ෂූ සම්මේ­ල­නයෙන් සිසුන් 5000කට තිළි­ණ‍

­ලෝ­කය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේ සියලු දෙනා එක් කර එකම සංවි­ධා­න­යක් යටතේ ශ්‍රී ලංකා­වට උප­රිම සේවා­වක් ලබා දීම උදෙසා විශ්වීය බෞද්ධ භික්ෂූ සම්මේ­ල­නය 2018 වස­රේදී ජපා­න­යේදී ආරම්භ කරන ලද අතර එහි දෙවන සමු­ළුව පසු­ගිය වසරේ ප්‍රංශ­යේදී පව­ත්වන ලදී. මේ වසරේ දෙසැ­ම්බර් මස 4,5,6 තෙදින ටැන්සා­නි­යාවේ එහි තුන්වන සමු­ළුව පව­ත්වනු ලබන අතර මේ සම්මේ­ල­නයේ ප්‍රධාන අර­මුණ වන්නේ විදේ­ශ­ග­තව වැඩ වාසය කරනු ලබන සියලු භික්ෂූන් එක්වී මෙරට ජන­තාව වෙනු­වෙන් පොදු සේව­යක නිරත වීමත් සිංහල ඩයස් පෝරා­වක් ස්ථාපිත කිරී­මත්ය.

ඒ පර­මා­ර්ථ­යන් මුදුන් පත් කර ගැනී­මට අර­ඹන ලද විශ්වීය බෞද්ධ භික්ෂූ සම්මේ­ල­නයේ මෙහෙ­ය­වී­මෙන් මැලේ­සි­යාවේ ‘එඩියු කෙයා­සාන් මහා­ක­රුණා‘ බෞද්ධ සංස­දයේ සභා­පති මැලේ­සි­යාවේ ප්‍රධාන සංඝ නායක බූටා­වත්තේ සර­ණං­කර නා හිමි­යන්ගේ දාය­ක­ත්ව­යෙන් කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ පාසල් දරු­වන් 5000කට පාසල් උප­ක­රණ ඇතුළු තිළිණ ප්‍රදා­නය කිරී­මද පසු­ගි­යදා කෑගල්ල වට්ටා­රම ශ්‍රී අර­හත්ත මලි­ය­දේව රජ­මහා විහා­ර­ස්ථ­න­යෙදී සිදු කෙරුණි. ඒ සඳහා දේශ­පා­ල­න­ඥ­යන් මෙන්ම කෑගල්ල දිසා­ප­ති­ව­රයා ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන්ද සහ­භාගි වූහ. සිසුන්ට තිළිණ ලබා දීමට අම­ත­රව දිස්ත්‍රි­ක්කයේ විහා­ර­ස්ථාන 200ක් උදෙසා විශේෂ උප­ක­රණ කට්ට­ල­යන් ද පිරි නමන ලදී. මේ සේයා­රු­වෙන් දැක්වෙන්නේ බූටා­වත්තේ සර­ණං­කර නා හිමි­යන් විසින් පාසල් දැරි­ය­කට තිළිණ ප්‍රදා­නය කළ අව­ස්ථා­වයි. මේ කාර්යය මෙහෙය වූ විශ්වීය බෞද්ධ භික්ෂූ සම්මේ­ල­නයේ නිර්මාතෘ හා මහ ලේකම් ජපා­නයේ සම්බු­ද්ධා­ලෝක විහා­රා­ධි­පති ආචාර්ය තුන්හි­ටි­යාවේ ධම්මා­ලෝක හිමි­යෝද මෙහි වෙති.

Comments