පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් මූල්‍ය පාලන නීති රීති හා රෙගුලාසිවලට අනුගත වීම සහ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වූ ආයතන ඇගැයීමේ ජාතික සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී රාජ්‍ය ආයතන 847 අතුරින් ආයතන කාණ්ඩ 8 ක් යටතේ වර්ග කර කාර්ය සාධනය අතින් වඩාත්ම ප්‍රශස්ත මට්ටමට ළඟාවූ රාජ්‍ය ආයතන සඳහා ලබාදෙන රන් සම්මානයක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයට ජනාධිපතිතුමා විසින් පිරිනමන ලදී. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් එම සම්මානය ජනාධිපතිතුමා අතින් ලබාගත් අවස්ථාවයි මේ.