මහ මැති­ව­ර­ණ­යට පක්ෂ ඇතුළේ ගාල­ගෝට්ටි | සිළුමිණ

මහ මැති­ව­ර­ණ­යට පක්ෂ ඇතුළේ ගාල­ගෝට්ටි

දිරි මැති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වන්නට අපේ­ක්ෂා­වෙන් සිටින සියලු දේශ­පා­ලන පක්ෂ­වල අභ්‍ය­න්තර අර්බුද මතුවී - මත බේදා­ත්මක තත්ත්ව­යක් නිර්මා­ණය වී තිබේ.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ, එක්සත් ජාතික පෙර­මුණ, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ඇතුළු පක්ෂ විපක්ෂ රැසක් ඉදිරි පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණය සඳහා තරග කිරී­මේදී සන්ධාන ගත වීමට යාමෙන් මෙම අර්බු­ද­කාරී තත්ත්වය නිර්මා­ණය වී ඇත. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති මෛත්‍රී­පාල සිරි­සේන ශ්‍රි ලංකා නිද­හස් පොදු­ජන සන්ධා­නයේ සභා­ප­ති­ව­රයා ලෙස පත් කිරීම සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මැති ඇමැ­ති­ව­රුන්ගේ චෝද­නා­වන්ට ලක්ව සිටී. මෛත්‍රී­පාල සිරි­සේ­න­යන් සම්බ­න්ධ­යෙන් මතුව ඇති විරෝ­ධතා සම­නය කිරී­මට අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා අදාළ පාර්ශ්ව සමඟ අවස්ථා ගණ­නා­ව­කදී සාකච්ඡා කර ඇත. මේ අතර ඡන්ද සට­හන මෙහෙ­ය­වීම සඳහා ලකු­ණක් අහි­මිව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ සමඟි බල­වේ­ගය හද­වත ලකුණ තෝරා ගැනී­මට තීර­ණය කර ඇති බව පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ සඳ­හන් කර ඇත.

 

Comments