පෞද්ග­ලික අංශයේ සේව­ක­යන් ලක්ෂ 50කට ස්ථිර වැටුප් ව්‍යුහ­යක් | සිළුමිණ

පෞද්ග­ලික අංශයේ සේව­ක­යන් ලක්ෂ 50කට ස්ථිර වැටුප් ව්‍යුහ­යක්

මෙරට පෞද්ග­ලික අංශයේ සේවයේ නියුතු පනස් ලක්ෂ­යක් පමණ වන සේව­ක­යන්ට ස්ථිර වැටුප් ව්‍යුහ­යක් සකස් කිරී­මට රජය තීර­ණය කර තිබේ. මේ සඳහා ජනා­ධි­ප­ති­ව­රයා විසින් ජාතික වැටුප් කොමි­ෂන් සභා­වක්ද ඉකුත් 14 වැනිදා ස්ථාපිත කර ඇත.

මෙයට කලින් ක්‍රියා­ත්මක වූ ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමි­ස­මට බලය හිමිව තිබුණේ රජයේ සේව­ක­යින්ගේ වැටුප් සම්බ­න්ධව කට­යුතු කිරී­මට හා අර්ධ රාජ්‍ය ආය­ත­න­වල වැටුප් සම්බ­න්ධව නිර්දේශ ඉදි­රි­පත් කිරී­මට පමණි.

නව ජාතික වැටුප් කොමි­ෂන් සභා­වට රාජ්‍ය අංශ­යට අම­ත­රව පෞද්ග­ලික සියලු අංශ­ය­න්හිද රාජ්‍ය සංස්ථා, ව්‍යව­ස්ථා­පිත මණ්ඩල ඇතුළු සියලු අර්ධ රාජ්‍ය ආය­තන වැටුප් පිළි­බ­ඳව පූර්ණ විම­ර්ශ­න­යක් සිදු කර වැටුප් ව්‍යුහ­යක් සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

මේ වන විට රාජ්‍ය අංශයේ අවම සේවක වැටුප රුපි­යල් 24,250ක් වන අතර මෙරට කම්කරු නීතිය අනුව පෞද්ග­ලික අංශයේ සේව­ක­ය­කුගේ අවම වැටුප රුපි­යල් 11,000කි. මේ තත්ත්වය නිසා වතු කම්ක­රු­ව­කුගේ දිනක අවම වැටුප පවා රුපි­යල් 1000ක් දක්වා වැඩි කිරී­මට අදාළ අංශ­ව­ලට නොහැකි වූ අතර අවම වැටු­පට අනුව සේවය කිරී­මට සේව­ක­යින් නොමැ­ති­වීම නිසා එක් එක් පෞද්ග­ලික ආය­තන විසින් වැටුප් වැඩි කිරීම් සිදු කර අති­රේක කාල­යක් සේව­ක­යින් සේවාවේ තබා ගැනී­මද සිදු කෙරේ. මේ සියලු තත්ත්ව­යන් අධී­ක්ෂ­ණය කර රාජ්‍ය අංශයේ මෙන්ම අර්ධ රාජ්‍ය අංශ­යේද පෞද්ග­ලික අංශ­යේද සියලු අංශ ආව­ර­ණය වන පරිදි වැටුප් ව්‍යුහ­යක් වහාම සකස් කිරී­මට නව කොමි­සම විසින් කට­යුතු යොදනු ඇත. ඒ අනුව අර්ධ රාජ්‍ය ආය­ත­න­වල අවශ්‍ය පරිදි වැටුප් පරි­මාණ වැඩි කර ගැනීම හෝ පෞද්ග­ලික අංශයේ සේව­ක­යින්ට අඩු වැටු­පක් ලබා දීම හෝ රජය විසින් නිර්දේශ කර ඇති වැටු­පට වඩා වැටු­පක් ලබා දී අධික වේලා­වක් සේවය ලබා ගැනීම ඇතුළු අක­ට­යු­තු­කම් සියල්ල ඉවත් කෙරෙනු ඇත.

 

Comments