මෙත්මුනි මහා පුණ්‍ය මංගල්‍යය මේ 30-31 දෙදින මහනුවර ශ්‍රී නාථ දේවාලයේදී සහ වරකාපොළ මෙත්මුනි විහාරයේදී 21 වැනි වරටත් පැවැත්වේ.
මෛත්‍රී බෝධිසත්ත්ව ආසිරි රිය පෙරහර 30 පෙරවරු 6.30 මෙත්මුනි විහාරයෙන් ආරම්භ වී කුරුණෑගල ඔස්සේ පස්වරු 5.30 ට මහනුවර ශ්‍රී නාථ දේවාලයට පැමිණෙයි.
31 පෙරවරු 6.30 ට රිය පෙරහර ශ්‍රී නාථ දේවාලයේ සිට කොළඹ නුවර පාරේ ගමන් කොට පස්වරු 3.00 ට වරකාපොළ මෙත්මුනි විහාරයට සැපත් වේ.