පොහෝදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් | Page 2 | සිළුමිණ

පොහෝදා අර්ධ චන්ද්‍රග්‍රහණයක්

ලබන 10 වන දාට යෙදී ඇති දුරුතු පොහොය දිනයේදී අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයන් පවසයි.

වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය මෙන්ම 2020 දශකයේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය ද මෙයයි.

සිකුරාදා රාත්‍රී 10.37ට ඇරඹෙන චන්ද්‍රග්‍රහණය 11 වන සිකුරාදා අලූයම 2.42ට අවසන් වන අතර, එහි උච්චතම අවස්ථාව සිකුරාදා රාත්‍රී 12.40ට එළඹෙනු ඇති.

නාසා ආයතනය මෙම චන්ද්‍රග්‍රහණය හඳුන්වා ඇත්තේ වෘක චන්ද්‍රග්‍රහණය ලෙසයි.

චන්ද්‍රයා සහ සූර්යයා අතරින් පෘථිවිය ගමන් කරන විට සඳට පතිත වන හිරු එළිය මුවාවීම චන්ද්‍රග්‍රහණයක් ලෙස හැදින්වෙයි.

මේ වසරේ තවත් චන්ද්‍රග්‍රහණ 3ක් යෙදී ඇති අතර ඒවා ජුනි 5, ජූලි 5 සහ නොවැම්බර් 30 යන දිනවල දිස්වනු ඇති.

 

Comments