ලලිත් නානායක්කාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට | සිළුමිණ

ලලිත් නානායක්කාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් නානායක්කාර මහතා නොවැම්බර් 30 සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස් කොට ඇත. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස 1980දී පොලිස් සේවයට එක්ව ඇති ඒ මහතා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ක්‍රිකට් සහ මලල ක්‍රීඩාවෙන් මලියදේවයේ වර්ණ ලාභියකුද වන නානායක්කාර මහතා පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ ලෝකඩ පදක්කම් ලාභියෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරයකුද වන ඒ මහතා ජාතික බැට්මිටන් ක්‍රීඩකයෙක්ද වේ. ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකයකු ලෙස 2017 සහ 2018 වසරවල සේවයේ නිරතව සිට ඇති ඒ මහතා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව සුඩාන් රාජ්‍යයේද සේවය කර ඇත.

 

Comments