දින­මි­ණට අවුරුදු 110යි | Page 2 | සිළුමිණ

දින­මි­ණට අවුරුදු 110යි

ශ්‍රී ලංකාවේ පැරැ­ණිම ජාතික පුව­ත්පත දින­මිණ පුව­ත්ප­තට මේ 17 වැනි­දාට වසර 110ක් සපිරේ.

1909 දෙසැ­ම්බර් 17 වැනිදා එච්. එස්. පෙරේරා මහ­තාගේ කර්තෘ­ත්ව­යෙන් ආරම්භ කළ දින­මිණ පුව­ත්පත ප්‍රථම වරට මුද්‍ර­ණය කරන ලදදේ රොබට් බටු­ව­න්තු­ඩාවේ මහ­තාට අයත් පිට­කො­ටුවේ පිහිටි ලංකා­භි­නව විශ්‍රැත යන්ත්‍රා‍ල­යේය.

සමාජ ආර්ථික, සංස්කෘ­ති­ක­මය සහ දේශ­පා­ල­නික වශ­යෙන් ජන­තාව දැනු­වත් කර­මින් ජන විඥා­නය අවදි කර­මින් වසර 110ක් ආ දිගු ගම­නේදී දින­මිණ සිදු කළ මෙහෙය මෙරට වෙනත් කිසිදු පුව­ත්ත­කට සම­කළ නොහැක.

දින­මි­ණට වසර 110ක් පිරීම නිමි­ත්තෙන් මේ 17 වැනිදා ලේක්හ­වුස් ආය­ත­නයේ දින­මිණ කර්තෘ මණ්ඩ­ල­යේදී සමරු උත්ස­ව­යක් පැවැ­ත්වෙන අතර 18 වැනිදා පෙර­ව­රු­වේදී කොටුව සම්බු­ද්ධා­ලෝක විහා­ර­යේදී බෝධි පූජා­මය පින්ක­මක් පැවැත්වේ.

Comments