පවුල් 6,000කට අත්වැ­ලක් වීමට තවත් Mother Sri Lanka අලෙවි සලක් | Page 2 | සිළුමිණ

පවුල් 6,000කට අත්වැ­ලක් වීමට තවත් Mother Sri Lanka අලෙවි සලක්

Mother Sri Lanka සංවි­ධා­නය සිය ‘Empowering Entrepreneurs’ ව්‍යාපෘ­තිය සමඟ එක්වී සිටින විශාල පිරි­ස­කගේ නිෂ්පා­දන අලෙවි කිරීම සඳහා කෝට්ටේ ප්‍රදේශ­යේ දී නවීන පහ­සු­කම් සහිත අලෙ­වි­සැ­ලක් විවෘත කළේ ය. Mother Sri Lanka යනු ස්වාධීන, ලාභ නොල­බන පුණ්‍ය ආය­ත­න­යකි. අංක 614, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර මාවතේ (පාර්ලි­මේන්තු ප්‍රවේශ මාර්ගයේ කෙසෙල් කොළේ බස් නැව­තූම ඉදි­රි­පිට) පිහිටා ඇති මෙම නව අලෙ­වි­සැල තුළ කාබ­නික ලෙස පිළි­යෙල කළ ආහා­ර­පාන මෙන්ම වේවැල් හා පන් භාණ්ඩ, අත්කම් රෙදි­පිළි, පිඟන් කෝප්ප, ශෛල­මය භාණ්ඩ, මැටි භාණ්ඩ, සිප්පි­කටු සහ පොල්කටුවලින් නිම­වන ලද භාණ්ඩ, සෙර­මික් භාණ්ඩ, ලිපි­ද්රව්ය මෙන්ම තවත් කලා­ත්මක භාණ්ඩ රාශි­යක්ද අලෙ­වි­යට තබා තිබේ. ‘100 Smiles for your 100 rupees’ යන තේමාව යටතේ a ‘Love Sri Lanka’ යන උප සන්නා­ම­යෙන් ‘Empowering Entrepreneurs’ ව්‍යාපෘ­ති­යට අදාළ භාණ්ඩ අලෙවි කෙරේ. 2016 වස­රේ දී ආරම්භ වූ මෙම ව්‍යාපෘ­තිය මගින් දැන­ට­මත් කොළඹ, ගම්පහ, කළු­තර, ගාල්ල, මාතර, මහ­නු­වර, මාතලේ, කුරු­ණෑ­ගල, පොලො­න්න­රුව සහ නුව­ර­එ­ළිය යන දිස්ත්රි ක්කවල කුඩා හා මධ්‍යම පරි­මාණ ව්‍යාපාර 100 කට අධික සංඛ්‍යා­ව­කට කොළඹ ඉහළ නාග­රික වෙළ­ඳ­පො­ළට පිවි­සී­මට අව­ස්ථාව සලසා දී ඇත. නව අලෙ­වි­ සැල විවෘත කිරීම පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් Mother Sri Lankaහි නිර්මාතෘ/සභා­පති ආචාර්ය ජානකී කුරුප්පු මහ­ත්මිය මෙසේ පැව­සුවා ය. ‘‘වඩාත් හොඳ ශ්‍රී ලංකා­වක් බිහි­කි­රීම යනු අප සැම­දෙනා වෙතම පැවරී ඇති වග­කී­මක්. හුදෙක් විලා­සිතා වෙනු­වෙන් නොව වැද­ගත් සමාජ වග­කී­මක් ඉටු­කි­රීම උදෙසා අපගේ නව ප්‍ර­ද­ර්ශ­නා­ගා­රය වෙත පැමි­ණෙන මෙන් මා සියලූ ශ්‍රී ලාංකි­ක­යන්ට ආරා­ධනා කර සිටි­නවා. මෙහි දී ඔබට දේශීය අමුද්‍රව්‍ය යොදා­ගෙන ශ්‍රී ලාංකි­ක­යන් විසින් නිෂ්පා­ද­නය කරන ලද භාණ්ඩ මිල­දී­ගැ­නී­මට පුළු­වන්. එය තවත් ශ්‍රී ලාංකි­ක­යන් පිරි­ස­කට තම ජීවන තත්ත්වය උසස් කර­ග­නි­මින්, මුල්‍ය ස්ථාව­ර­ත්වය ළඟා කර­ග­නි­මින්, තමන්ට සැබැ­වින්ම ආඩ­ම්බර විය හැකි වෘත්ති­යක නිරත වීමට අව­ස්ථාව සලසා දීමක් ලෙස හැඳි­න්විය හැකියි.

ස්වේච්ඡාවෙන් දායක වන වෘත්ති­ක­යන් කණ්ඩා­ය­මක් විසින් ලාභ ලැබීමේ අර­මු­ණ­කින් තොරව පව­ත්වා­ගෙන යන මෙම ව්‍යාපෘ­තියේ කොටස් හිමි­යන් නැති නිසා එම­ගින් ලැබෙන මුදල් සියල්ල නැවත ව්‍යාපෘ­තිය වෙතම බැර­ව­නවා.

 

Comments