විස්තාරා ශ්‍රී ලංකා­වට | Page 2 | සිළුමිණ

විස්තාරා ශ්‍රී ලංකා­වට

න්දි­යාවේ හොඳම ගුවන් සේවය වන විස්තාරා කොළ­ඹට තම ගුවන් ගමන් ඇරඹු බව නිවේ­ද­නය කර සිටියි. මෙම ගුවන් සේවය සතියේ සෑම දින­කම (බදාදා දින හැර* මුම්බායි සිට කොළ­ඹට පියා­සර කරන අතර ඉකො­නමි සහ ව්‍යාපා­රික පන්ති­යට අති­රේ­කව ප්‍රීමි­යම් ඉකො­නමි යනු­වෙන් තවත් ආසන පන්ති­යක් ප්‍රථම වරට හඳුන්වා දී තිබේ. විස්තරා ගුවන් සේවය ඉන්දි­යාවේ ටාටා සන්ස් සහ සිංග­ප්පූරු ගුවන් සේවයේ හවුල් ව්‍යාපෘ­ති­යකි.

මෙම අව­ස්ථා­වට එක්වූ විස්තාරා හි ප්‍රධාන උපා­ය­මා­ර්ගික නිල­ධාරි විනෝද් කන්නන් මහතා අද­හස් දක්ව­මින් ‘‘සංචා­රක ක්ෂේත්‍රය සහ වෙළෙ­ඳාම සඳහා විශාල අව­ස්ථා­වන් සහිත රටක් වන ශ්‍රී ලංකා­වට ගුවන් ගමන් අර­ඹ­මින් තවත් භූගෝ­ලීය තල­ය­කට පිවි­සෙන්න ලැබීම පිලි­බඳ අප ඉතා­මත් සතු­ටට පත්වෙ­නවා. ප්‍රශස්ත සේව­යක් සල­ස­මින් ලෝකය පුරාම විශිෂ්ට නාම­යක් සල­කුණු කිරී­මට සමත් වූ ඉන්දි­යාවේ එකම තරු පහේ ගුවන් සේවය ශ්‍රී ලංකා­වට අද අපි හඳුන්වා දෙනු ලැබුවා. අපගේ අසම සම ආග­න්තුක සත්කා­රය සමඟ පියා­සර කරන ඔබ සැමට විස්තාරා සමඟ නව හැඟී­මක් ”ලැබෙනු ඇතැයි අප විශ්වාස කර­නවා යැයි පැව­සීය.

විස්තාරා හි ශ්‍රී ලාංකික නියෝ­ජි­තයා ලෙස හේලීස් සමුහ ව්‍යාපා­ර­යට පූර්ණ අනු­බ­ද්ධිත ආය­ත­න­යක් වන නෝර්ත් සවුත් ලයින්ස් පුද්ග­ලික සමා­ගම North South Lines Pvt' Ltd' පත් කර තිබේ.

වර්ෂ 2019 අගෝස්තු මාස­යේ දී විස්තාරා ගුවන් සේවය සිංග­ප්පූ­රු­වට ගමන් අර­ඹ­මින් තම ජාත්‍ය­න්තර ගුවන් ගමන් මෙහෙ­යුම් ඇරඹු අතර පසුව ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බැංකොක්, සහ තායි­ල­න්ත­යට තම සේවා ව්‍යාප්ත කරනු ලැබීය. විස්තාරා පසු­ගිය මාස හත තුළ තම ගුවන් යානා 50% කින් වැඩි කළ අතර මිලි­යන 4.5 කට අධික ගුවන් මගීන් ප්‍රමා­ණ­යක් විස්තාරා ගුවන් සේවයේ සේවය ලබා ඇත.එසේම 2020 මාර්තු මූල්‍ය වර්ෂය අව­සාන වන විට පසු­ගිය මූල්‍ය වර්ෂ­යට සාපේ­ක්ෂව තම ගුවන් යානා ප්‍රමා­ණය දෙගු­ණ­යක් කිරී­මට සමා­ගම බලා­පො­රොත්තු වෙයි.

2020 ඇපෙක්ස් නිළ ගුව­න්සේවා ශේණි­ගත කිරීම් අනුව per2020 APEX OFFICIAL AIRLINE RATINGS ඉන්දි­යාවේ එකම තරු පහේ ගුවන් සේවය බවට පත් වීමට ද විස්තරා වෙත හැකි­යාව ලැබී ඇත. විස්තාරා ඉන්දි­යාව තුළ සහ විදේ­ශ­යන්හි ශීග්‍ර­යෙන් වර්ධ­නය වෙමින් පව­තින අතර, ඉදිරි සිව් වසර තුළ පටු බඳ සහ පුළුල් බඳ සහිත ගුවන් යානා 56 ක් පමණ ඇතු­ළත් කිරී­මට බලා­පො­රොත්තු වෙයි. එහි දී දේශීය සහ ජාත්‍ය­න්තර කෙටි මධ්‍යම දුර ගමන් මෙහෙ­යුම් සඳහා A320neo කාණ්ඩයේ එයා­ර්බස් 50 ක් ද දිගු දුර ජාත්‍ය­න්තර මෙහෙ­යුම් සඳහා.බෝයිං B787-9 ගුවන් යානා 06 ක් ද ඇතු­ළත් කිරී­මට සැල­සුම් කර තිබේ.

Comments