සද්ද බද්ද නැති අගනා මැති­ව­ර­ණ­යක් | සිළුමිණ

සද්ද බද්ද නැති අගනා මැති­ව­ර­ණ­යක්

ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන්ව ඇත. නව ජනා­ධි­ප­ති­ව­ර­යෙකු පත්ව ඇත. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය අති සාර්ථක අන්ද­මින් පැවැ­ත්වීම ගැන මැති­ව­රණ කොම­සා­රි­ස්තුමා ඇතුළු මැති­ව­රණ කොමි­ස­මට ස්තූතිය පුද කළ යුතුය.

මැති­ව­ර­ණ­යක් තිබුණා ද නැද්ද කියා වෙන­සක් දැනෙන්නේ නැති තර­මට වට­පි­ටාව සන්සුන්ය. සාම­කා­මීය. විශේ­ෂ­යෙන් පරි­ස­රය ආරක්ෂා කිරීම පිළි­බඳ ‍ෙහාඳ ආද­ර්ශ­යක් මෙවර මැති­ව­ර­ණ­යෙන් රටට ලබා දී ඇත. එහි ස්තූතිය අපේ­ක්ෂ­ක­යන්ට ද පුද කළ යුතුය. පසු­ගිය කාල­වල මැති­ව­ර­ණ­යක් කියූ සැණින් අපේ සිහි­යට නැගෙන්නේ අප්‍ර­සන්න හැඟී­මකි. නමුත් ඡන්ද පෝස්ටර්, කට­වුට්, කොඩි රැල් වලින් තොර මෙවැනි මැති­ව­රණ රටට යහ­ප­තක්.

මැති­ව­රණ කට­යුතු මෙයා­කා­ර­යෙන් සාර්ථක කර­ගැ­නී­මට මැති­ව­රණ කොමි­සම කට­යුතු කළ ආකා­රය විශේ­ෂ­යෙන් සිහි­පත් කළ යුතුය. මැති­ව­රණ කොම­සා­රි­ස්ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් යුතුව මේ කට­යුතු මෙහෙ­යවූ අයුරු ප්‍රසං­ස­නී­යය. මුල සිටම සැල­සුම් සහ­ග­තව සෑම කට­යු­ත්තක්ම සිදු­කළ නිසා­වෙන් අපේ­ක්ෂ­ක­යින් 35 දෙනෙකු ඉදි­රි­පත් වුවද මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය සාම­කාමි විය. ප්‍රති­ඵල කඩි­න­මින් ලැබෙ­න්නට විය. හොර ඡන්ද වලට වැට බැඳුණි. පරි­ස­රය විනාශ වූයේ නැත. මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා අල්ප විය. මෙය ඉදිරි මැති­ව­ර­ණ­ව­ලට ආද­ර්ශ­යකි.

මේ සත් කාර්ය­යේදී මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රයා ප්‍රමුඛ එහි නිල­ධා­රින්ගේ, මැති­ව­රණ රාජ­කාරි ඉටු­කළ සැම­ටත්, අපේ­ක්ෂ­ක­යි­න්ටත් ජන­තා­වගේ ප්‍රසං­සාව හිමි­විය යුතුය.

ගීමාල් ගීග­නගේ

වාද්දුව

Comments