රාජ්‍ය ආය­තනවල ලොකු පුටු සැමට විවෘත වෙයි | Page 2 | සිළුමිණ

රාජ්‍ය ආය­තනවල ලොකු පුටු සැමට විවෘත වෙයි

රාජ්‍ය සංස්ථා ව්‍යව­ස්ථා­පිත මණ්ඩල ඇතුළු ආය­ත­න­වල ජ්‍යෙෂ්ඨ විධා­යක තන­තුර සඳහා සුදු­සු­කම් සහිත ඕනෑම ශ්‍රී ලාංකික පුර­වැ­සි­යෙ­කුට අය­දුම් කළ හැකි බව නිර්දේශ ඉදි­රි­පත් කිරී­මට පත් කළ කමි­ටුව පව­සයි.

රාජ්‍ය ව්‍යව­සාය මණ්ඩල, ව්‍යව­ස්ථා­පිත මණ්ඩල හා රජය සතු වාණිජ ව්‍යාපාර සදහා සුදු­සු­කම් සහිත පුද්ග­ල­යින් පත් කිරීම සදහා නිර්දේශ ඉදි­රි­පත් කිරී­මට ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්‍ෂ මහතා සය පුද්ගල කමි­ටු­වක් පත් කළ අතර එහි ප්‍රධා­න­ත්වය උසු­ලන්නේ හිටපු අමාත්‍ය ලේක­ම්ව­ර­යකු වන සුමිත් අබේ­සිංහ මහ­තායි.

එහි සෙසු සාමා­ජි­ක­යින් ලෙස සුසන්ත රත්නා­යක, ආචාර්ය නාලක ගොඩ­හේවා, ඩයන් ගෝමස්, ආචාර්ය ප‍්‍රසන්න ගුණ­සේන සහ මහා­චාර්ය ජගත් වැල්ල­වත්ත කට­යුතු කරති. සුදු­සු­කම් ලත් වෘත්ති­ක­යින් සිය ප්‍රකාශ දෙසැ­ම්බර් 18 හෝ ඊට පෙර එම කමි­ටුව වෙත ඉදි­රි­පත් කළ යුතුය.

Comments