රේඩියෝ රන් ලංකා වසර තුන සපුරයි | Page 2 | සිළුමිණ

රේඩියෝ රන් ලංකා වසර තුන සපුරයි

රේඩියෝ රන් ලංකා වෙබ් ගුවන්විදුලිය දෙසැම්බර් 11 වැනි දිනට වර්ෂ තුනක් සපුරයි. මෙහි නිර්මාතෘ වන්නේ ප්‍රවීණ මාධ්‍යවේදිනී රාජිනි ජාලියගොඩ ය. ඈ දෙහිවල භාරති මෙහෙණින්වහන්සේ නමින් ශාසනයට ඇතුළත් වීමෙන් අනතුරුව ඇගේ ඥාති දියණියක වන දිනිති ජාලියගොඩ මෙහි කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි. හංස කීර්තිසිංහ, බුද්ධිනි ඉපලවත්තගේ, මිලාන් තෙන්නකෝන්, රවිඳු යොමාල් පෙරේරා, රුවන් හදින්නාපොල, ආරියවංශ කුලතිලක, චතුරිකා නදිෂානි, පියවි පතිරණ, වගීෂ අබේසිංහ, ගීත් දසනායක, කේෂානි අවින්දිකා, ශානුක ලෂාන් රාජපක්ෂ ඇතුළු ළමා නිවේදක, නිවේදිකාවන්ගෙන් විචිත්‍රවත් වන රේඩියෝ රන් ලංකා වෙබ් ගුවන් විදුලිය www.radioranlanka.lk හෝ radio ranlanka facebook පිටු‍ෙවන් ශ්‍රවණය කළ හැකි ය. එසේත් නැතිනම් radio ranlanka you tube ඔස්සේ සවන් දිය හැකිය.

Comments