ත්‍රිමාණ සජී­වී­ක­ර­ණය හා වීඩියෝ සංස්ක­ර­ණය පිළි­බඳ වැඩ­මු­ළු­වක් | සිළුමිණ

ත්‍රිමාණ සජී­වී­ක­ර­ණය හා වීඩියෝ සංස්ක­ර­ණය පිළි­බඳ වැඩ­මු­ළු­වක්

කර්මාන්ත හා වාණිජ කට­යුතු දිගු­කා­ලීන අව­තැන් වූ පුද්ග­ල­යින් නැවත පදිංචි කිරීම, සමූ­ප­කාර සංව­ර්ධන හා වෘත්තීය පුහුණු හා නිපු­ණතා සංව­ර්ධන අමා­ත්‍යාං­ශය මඟින් ත්‍රිමාණ සජී­වී­ක­ර­ණය හා වීඩියෝ සංස්ක­ර­ණය පිළි­බඳ නොමිලේ සහ­භාගී විය හැකි තාක්ෂ­ණික වැඩ­මු­ළු­වක් නොවැ­ම්බර් මස 24 වැනි ඉරිදා උදේ 8.30 සිට දහ­වල් 1.30 දක්වා ශ්‍රී ලංකා මුද්‍රණ ආය­තන ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැත්වේ. සම්ම­න්ත්‍ර­ණය මඟින් වීඩියෝ සංස්ක­ර­ණය හා ත්‍රිමාණ සජී­වී­ක­ර­ණ­යට අදාළ මෘදු­කාංග භාවි­තය පිළි­බඳ දැනු­මක් හා අව­බෝ­ධ­යක් ලබාදේ. පාසැල් හැර ගිය සිසුන්ට මෙන්ම ක්ෂේත්‍රයේ රැකි­යා­වල නියුතු පුද්ග­ල­යින්ට ද මෙම සම්ම­න්ත්‍ර­ණය ඉතා ඵල­දායී වේ. සම්ම­න්ත්‍ර­ණය සඳහා සීමිත පිරි­සක් ඇතු­ළත් කර ගන්නා බැවින් දුර­ක­ථන අංක 0112686162 හෝ 0112679791 අමතා හැකි ඉක්ම­නින් ආස­න­යක් වෙන් කරවා ගන්න. බොරැල්ල රජයේ මුද්‍ර­ණා­ලයේ පිහිටි ශ්‍රී ලංකා මුද්‍රණ ආය­ත­න­යට පැමි­ණී­මෙන් ද ආස­න­යක් වෙන් කරවා ගත හැක.

Comments